Gossip Uncategorized

දඟකාර නිලි සේමිණි ඉද්දමල්ගොඩ 27වන විවාහ සංවත්සරය ජයටම සැමරූ හැටි.

සේමිණි ඉද්දමල්ගොඩ කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ නිලයක්. ඇය ගැන මෙරට කලාවේ නිරන්තරයෙන්ම වගේ කතාබහට ලක්වුනා. සේමිණි කියන්නේ ඉතාමත් සුන්දර යුවතියක්. ඒ වගේම ඉතාමත් නිහතමානී චරිතයක්. යස් බොස් ටෙලි නාට්‍යයේ ආදරණිය රෝෂිනි ලෙසින් ඇය ජනතාවගේ ආදරයට පාත්‍රවුනා. අදටත් ඒ ජනප්‍රියත්වය ලැබෙන්නේ එලෙසින්මයි. සිනමාවේ වගේම පුංචි තීරයේද ඇය ඉතාමත් ආදරනියයි.

ඒ වගේම ඇය ආදරණිය මවක්. සුරතල් දියණියක් ඇයට සිටිනවා. ඉතාමත් සුන්දර ජිවිතයක් ගත කරනවා ඒ ආදරණිය සැමියෙකු සමගින්. පසුගියදා සෙමිනිගේ 27 වන විවාහ සන්වතසරය යෙදී තිබුනා. කහකිරිල්ලියක් සේ සැරසී ඇය සැමියා සහ දියණිය සමගින් මෙවර විවාහ සංවත්සරය ජයටම සමරා තිබුනා. ඒ සදහා කලාතරු රැසක් වගේම දේශපාන චරිත කිහිපයක්ද සම්බන්ධ වී තිබුනා. නාමල් රාජපක්ෂ සහ බිරිඳ ලිමිනිද මේ අවස්ථාවට සම්බන්ධ වී තිබුනා. කුරුළු ජෝඩුවක් වගේ සුන්දරව ජිවිතේ ගෙවන සේමීනිට සුබ විවාහ සංවත්සරයක් වේවා කියා අපත් හදවතින්ම සුබ පැතුම් එක්කර සිටිනවා.

Leave a Comment