Gossip Uncategorized

දෙවෙනි ඉනිමේ රදීෂ්, සුරූපී යුවතියක් සමඟින් යුග දිවියට එලඹෙයි.

දෙවෙනි ඉනිම කියලා කියන්නේ අපේ රටේ බොහෝ පිරිසක් ආසාවෙන් නරඹන ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. කොහොම නමුත් මේ ටෙලිනාට්‍යයට අලුතෙන් එක්වුණු රදීෂ්ගේ චරිතයට රංගන දායකත්වය ලබා දෙන ඉෂාර මදුෂාන් කියලා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙකුගේ ආදරේට වගේම කතාබහට ලක්වෙන දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක්. ඉතින් කාගේත් කතාබහට ලක්වෙන මේ කඩවසම් රංගන ශිල්පියා පහුගිය දවසක සිතුමිණී ප්‍රනාන්දු කියන සුරූපී තරුණියත් එක්ක එකතුවෙලා බොහොම අපූරු ලස්සන ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් මේ අපූරු සුන්දර අවස්ථාවේ මේ දෙන්නව මේ තරම් ආදරණීය විදිහට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරන ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන ලක්මාල් සිංහරගේ ඡායාරූප ශිල්පියා විසිනුයි.

ඉතින් ඒ වගේම මේ කඩවසම් නළු ඉෂාර 2018 වර්ෂයේ ITN අවුරුදු කුමරා තරගයෙන් තුන් වෙනිස්ථානය හිමි කර ගැනීමටත් වාසනාවන්ත වුණා. ඉතින් ඊට පස්සේ 2019 අවුරුද්දේ හිරු අවුරුදු කුමරා ලෙස ජයග්‍රහනය හිමිකරගත්තේද මේ ජනප්‍රිය නළුවයි. ඉතින් ඒ වගේම රාවණා සීසන් 3 එකේ සාම්පති කියන චරිතයට රඟපාන්න අවස්ථාවත් මට හිමි වුණා. ඉතින් ඔය අතරේදී තමයි ඔහුට දෙවෙනි ඉනිමට ආරාධනා ලැබිලා තියෙන්නේ.

ඉතින් ඒ වගේම ඔහු මේ වෙනකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යුත් සහ විදුලි ඉංජිනේරු වරයෙක් විදිහට උපාධිය ලබාගෙනයි ඉන්නේ. ඉතින් ඒ වගේම ඔහු තවම ආදරවන්තයෙක් නෙමෙයිලු. කවදාහරි ඔහුට ආදරේ කරන ඔහුව හඳුනාගන්න සුන්දර යුවතියකට ඔහුත් ආදරේ කරයිලු. ඒ වගේම දෙවෙනි ඉනිමේ රදිෂ්ට ලිහිනිගේ ආදරේ ලැබේවිද කියලත් ඉස්සරහට තමයි බලන්න වෙන්නේ කියලා තමයි ඔහුනම් කියන්නේ. ඉතින් මේතාක් කවුරුත් දැකපු නැති දෙවෙනි ඉනිමේ රදිෂ් ලෙස රටේම ආදරය දිනාගත් කඩවසම් නළු ඉෂාර මදුෂාන්ගේ අලුත්ම වෙඩින් ෆොටෝ ශූට් එකේ සුන්දර ඡායාරූප පෙළ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

01

02

03

04

05

Leave a Comment