Uncategorized

මංගල ගමනට හැඩවුණු මල් පිපෙන කාලේ නිවුන්නු.

මල් පිපෙන කාලේ කියන්නේ මේ දිනවල ජනප්‍රිය ටෙලි සිත්තමක්. මේ ටෙලි සිත්තමේ ඉන්න නිවුන්නු දෙන්නා ගැන හැමෝම වගේ දැන් දන්නවා. එයාලාට ආදරය කරන ගොඩක් අය ඉන්නවා. මේ පිනිමුතු සහ නිල්නේතු ලෙසින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් මේ දෙදෙනා තමයි අනුශ්කි සහ කනුශ්කි. මේ දෙන්නනම එකම වගේ නිසා අදුනගන්න එකනම් එතරම් ලෙහෙසි දෙයක් වෙන්නේ නැහැ. කිසිම වෙනසක් නැති තරමටම මේ දෙදෙනාම එක වගේ.

පාසල් කාලයේදී ගුරුවරුන්ටත් මේ දෙදෙනා වෙන්කරලා අදුරගන්න අපහසු වුනා කියලා තමයි මේ සුන්දරියන් දෙදෙනා කියන්නේ. මෙයාලා නර්තනයට ඉතාමත් දක්ෂයි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ තමයි මේ දෙන්නා ඉගෙන ගන්නේ. ඉතින් මෙයාලගේ කවර් ඩාන්ස් වලට ඉතාමත් හොද ප්‍රතිචාර ලැබෙන බව තමයි දැනගන්න ලැබුනේ.

කනුශ්කි සහ අනුශ්කි මේ වෙද්දී ලංකාවේ ඉන්න ජනප්‍රියම චරිත දෙකක්. විශේෂයෙන්ම තාරුණ්‍යයේ ආකර්ෂණය නොඅඩුවම ලබන චරිත දෙකක් ලෙස හදුන්වන්න පුළුවන්. හරිම හුරුබුහුටි දඟකාර චරිත දෙකක් බව මේ දෙදෙනා දුටුවම දැකගන්න පුළුවන්. ඒ වගේම ඉතාමත් නිහතමානී තරුණියන් දෙදෙනෙක්. ඉතින් මේ දෙන්නාගේ අලුතම වැඩක් ගැන මේ දවස්වල හැමෝම වගේ කතාවෙනවා. ඒ තමයි ඔවුන්ගේ අලුත්ම ෂුට් එක.

උඩරට මනාලියන් ලෙස සැරසී කරපු මේ චායාරූප වලට ලැබෙන ප්‍රතිචාර නම් අති විශාලයි. මේ දවස්වල හැමෝම වගේ කතාවෙන්නේ මේ නිවුන්නු දෙන්නගේ ෂුට් එක ගැන තමයි හරිම ආදරණිය ෂුට් එකක් තමයි මේ අක්කයි නංගියි එකතුවෙලා සිදුකරේ. studio ප්‍රවීන් ආයතනය විසින් තමයි මොවුන්ගේ සොදුරු රුව කැමරා කාචයට හසුකරගෙන තිබුනේ.

Leave a Comment