Gossip Uncategorized

කොච්චර සල්ලි හම්බ වුනත් කොට ඇඳුම් නම් අදින්නේ නැහැ. තමන්ගේ ප්‍රතිපත්තිය ගැන පළමු වරට කතා කරන ශලනි.

අද අපි හැමෝම දන්නා කියනා චරිත අතරේ මේ දිනවල් ඉහලම ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන ඉන්න චරිතයක් තමයි ශලනි කියන්නේ. එහෙමත් නැත්නම් චුටි මැණිකේ. හැමෝම දන්නේ ඒ නමින් තමයි. අද වෙද්දී නම් ලොක්කි කියලත් ගොඩක් දෙනෙක් කතා කරනවා කියලා තමයි අපිට නම් ආරචි වෙන්නේ. ශලනි ප්‍රේක්ෂකයන් අතරේ ඉතා කෙටිම කාලයකින් ඉහලට එන්න හැකියාවක් ලැබුන සුන්දර තරුණියක්. ඉතින් දෙරණ නාලිකාව හරහා කළා ක්ෂේත්‍රයට පිවිසෙන්නට ඇයට අවස්ථව ලැබෙනවා. ඉතින් කොහොමහරි අද වෙද්දී ටෙලි කතා කිහිපයක් වෙනුවෙන්ම දායක වූ ඇය නම් කියන්නේ භාරගන්න නිර්මාණයක් වෙනුවෙන් ඉතාමත් සදරනයක් කරන්න ඕනේ නිසා ගොඩක් ටෙලිකතා එක දිගට භාරගන්නේ නම් නැහැ කියලා. ඉතින් ඇයත් සමග අපි කතාබහක් කරන්න තමයි ම සුදානම් වෙන්නේ.

ලිහිණි, අනුහස් ආදර කතාව මාර්ගය වෙනස් වෙමින් යන මොහොතක ඉස්සරහට මොනවා වේවිද..? ඉස්සර ලිහිණි අනුහස් වෙනුවෙන් බලා හිටියා. ඇත්තටම ඒ ආදර කතාව මටත් තේරුම් ගන්න බැරි තැනක දැන් තියෙන්නේ. දෙවෙනි ඉනිම පිටපත් රචක සමන් අයියා පසුගිය කාලේ කෙටි විවේකයක් ගත්ත නිසා පිටපත ලියවුණේ වෙනත් කෙනෙකු අතින්. සමන් අයියා පිටපත නොලියපු කාලේ ඇතුළත ලිහිණිගේ චරිතය හිතාගන්න බැරි තරම් ලොකු වෙනසක් වුණා. ඇත්තටම සමන් අයියා පිටපත් නිර්මාණය කරපු ලිහිණිව ප්‍රේක්ෂකයෝ හරිම ආදරයෙන් වැළඳ ගත්තා. සමන් අයියා පිටපතේ ගෙනාපු ලිහිණිව තමයි ප්‍රේක්ෂකයෝ හොයන්නේ. ඒත් එදා ආදරයෙන් වැළඳගත්ත ලිහිණි නැද්දෝ කියලත් හිතෙනවා. වෙනස් වෙලා ඉන්න ලිහිණිට ප්‍රේක්ෂකයෝ හරියට බනිනවා. ඒකට නම් ගොඩක් දුකයි. දැන් ඉන්න ලිහිණි ගැන ඇත්තටම මට කියන්න තේරෙන්නේ නෑ. බලමු ඉස්සරහට හැමදේම හොඳ විදිහට සිද්ධ වේවි කියලා හිතනවා.

ශලිනිට සිනමාවෙන් ඉල්ලුම අඩු ද..? එහෙම අඩුවක් නැහැ. මට සිනමා නිර්මාණවලට ගොඩක් ආරාධනා ලැබෙනවා. ඒත් සමහර නිර්මාණවලට කතා කරද්දි අඳින්න තියෙන ඇඳුම් සම්බන්ධයෙන් ඇතිවෙන ගැටලු නිසා මම ගොඩක් නිර්මාණ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මම කොට ඇඳුම් වගේම ගොඩක් ඇඟ නිරාවරණය වෙන ඇඳුම් අඳින්න කැමති නැහැ. කොච්චර සල්ලි හම්බවුණත්, කොච්චර ජනප්‍රියත්වය ලැබුණත් මගේ සීමාවෙන් එහාට අඳින්න පළඳින්න තියෙන නිර්මාණවලට මම දායක වෙන්නේ නැහැ. ඒක මේ ක්ෂේත්‍රයට එනකොටම මම අරගෙන ආපු ප්‍රතිපත්තියක්. ඒවගේ දේවල් නිසා ගොඩක් චිත්‍රපටි ප්‍රතික්ෂේප කරන්න වුණා. බලමු ඉස්සරට හොඳ නිර්මාණයක් ලැබුණොත් කරනවා.

චූටි මැණිකෙගේ නෙමෙයි කොහොමද ලිහිණිගේ ආදර කතාව..? අම්මෝ… උත්තර දෙන්න අමාරුම ප්‍රශ්නය තමයි ඒක. ඇත්තටම මේ වෙලාවේ ආදරය සම්බන්ධයෙන් උත්තරයක් දෙන්න අමාරුයි. ආදරේ ගැන කියනවා ඉස්සරහට. හැබැයි දැන් ඒකට වෙලාව නෙමෙයි.

01

02

Leave a Comment