Uncategorized

ජිවන ගමන නිමකළ සම්පත් තෙන්නකෝන් මහතා ගැන, දයාන් විතාරණ මහතා තැබූ හැමෝටම දැනෙන සටහනක්.

අපේ රටේ දක්ෂ කළා ක්ෂේත්‍රයේ ඉහලින්ම හිටි අයෙක් තමයි සම්පත් තෙන්නකෝන් කියලා කියන්නේ. අපේ රටේ නොදන්නා කෙනෙක් නොමැති තරම් ලොකු පොඩි හැමෝගෙම අදරනියම චරිතයක් ලෙසින් තමයි ඔහු ආදරය දිනාගෙන තිබුනේ. කොහොමහරි අද වෙද්දී ඔහු ජිවිත ගමන නිමකරලා තියනවා. ඉතින් හැමදාම වගේ විශේෂ අවස්ථා වල සටහන් තබන දයාන් විතාරණ මහතා මේ ගැනත් හිතට දැනෙන්න සටහනක් පලකරලා තියනවා අපිට දකින්න පුළුවන් වුනා. එම සටහන තමයි මේ පහතින් ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ.

රතනත්‍රයේ පිහිටෙන් සුව පැතූ සම්පත්, සියලු සැප සම්පත් හැර දමා දිවි රඟ මඬලින් නික්ම යයි.. ප්‍රවීණ වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් අක්මාව ආශ්‍රිත රෝගයකින් කලක් පෙළෙමින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතරතුර අද උදෑසන සිය ජීවන ගමන නිමා කළේය. සම්පත්ව, මා හඳුනාගත්තේ මීට වසර 27 කට පමණ පෙර මා රූකාන්ත ගුණතිලකව හඳුනා ගන්නා සමයේම ය. එකල අප නිරන්තරයෙන් මුණගැසෙන අතර එක්ව පැදුරු සාජ්ජ වල ගී ගයනවා මතකය.

දයාරත්න රටගෙදරගේ “ගුරු ලිසී” නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාව හරහා රංගනයට ප්‍රවිශ්ට ඔහු “නුඹ විතරක් තළ එළලුයි” නාට්‍යයේ කළ ලූෂන් නැමැති චරිතයෙන් රාජ්‍ය නාට්‍ය සම්මානයට ද පාත්‍ර වූවේය. එමෙන්ම “තලමල පිපිලා”, “හිට්ලර්”, “අඹුසැමියෝ” සහ “ගුරු තරුව” වැනි වේදිකා නාට්‍ය රැසක ම රංගනය කළ හෙතෙම “රන් දොරටුව”, “බුමුතුරුණු” සහ “භාග්‍යා” වැනි ටෙලිනාට්‍යයන් හි රංගනය කරමින් පුංචිතිරය ද අතික්‍රමණය කළේය. “විජය ධර්ම ශ්‍රී ගේ “ආරාධනා” චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂක ලෙසින් සිනමාවට අවතීර්ණ වූ සම්පත් “හිමගිර” චිත්‍රපටයෙන් සිනමා රංගනයට අත්පොත් තැබීය. ඉන්පසු “අහස් මාළිගා”, “මධුරි”, “ගිනි අවි සහ ගිනි කෙළි” සහ “සරෝජා” වැනි චිත්‍රපටය කිහිපයක ම රංගනය කළේය. සෝමරත්න දිසානායකයන්ගේ “සිරි රජ සිරි” චිත්‍රපටයේ ශෙහාන්ගේ පියාගේ චරිතයත්, “සිරි පැරකුම්” චිත්‍රපටයේ සංඝරාජ හිමිගේ චරිතයත් ඔහුගේ සිනමා චරිත අතර මතකයේ රැඳෙන චරිත ද්විත්වයකි. තිරගත වීමට නියමිත ජැක්සන් ඇන්තනීගේ “එකගෙයි සොකරි” චිත්‍රපටයේ සම්පත් කැපීපෙනෙන පැවිදි චරිතයක් ඔස්සේ අපට නුදුරේම දක්නට ලැබෙනු ඇත.

දක්ෂ වේදිකා නාට්‍ය නළුවෙක් වන ඔහු ගී ගයන්නට ද සමතෙකි. කුසළතාපුර්ණ ජේෂ්ඨ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිමමා නිළොයක සහ දක්ෂ ගායිකාවක වන රත්නා ලාලනී ජයකොඩිගේ ප්‍රියාදර සැමියා වන සම්පත්, 2004 මගේ “සිත්තම් කරමින්” ප්‍රසංගය නැරඹීමට ද පැමිණ මා දිරිමත් කළේය. 2000 වසරේ ඔහු සිය පවුල සමගින් මගේ චිත්‍රාගාරයට පැමිණ ඡායාරූප ගත් අතර, අනතුරුව ඉකුත් 2019 වසරේ අප්‍රේල් 4 පැවැති පැදුරු සාජ්ජයක දී ද මා ඔහුත්, රත්නාත් යළි ඡායාරූප ගත කළෙමි. මේ කාලයේ අපට වටිනා කලාකරුවන් රැසක් අපෙන් සමුගත් අතර සම්පත් වැනි ජාතික සම්පත් මෙසේ අපෙන් දුරස් වීම දරාගත නොහැකි අඩුවකි. එමෙන්ම රත්නා ඇතුළු සැමට මගේ සාතිශය සංවේගය ද දන්වන අතර ආදරණීය සම්පත්, ඔබට නිර්වාණ ස්වර්ණ ද්වාරය දුරක නොවන්නට පිංපෙත් පමුණුවමි !!!

01

02

03

Leave a Comment