Gossip

Travel With Wife කැදැල්ලේ පුංචි සුරංගනාවිය පළමු උපන්දිනය ජයටම සමරපු හැටි.

Travel With Wife නම දැක්ක ගමන් මේ ආදරණීය යුවල ගැන අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. එතරම් මේ දෙන්නට ආදරේ කරන්න බොහෝ පිරිසක් අපේ රටේ ඉන්නවා. ඉතින් කවුරුත් ආදරය කරන ඉතාම ජනප්‍රිය මේ ආදරණීය යුවල තමයි චමරි දිගොඩගමගේ සහා කසුන් දිගොඩගමගේ කියලා කියන්නේ. ඉතින් Travel With Wife යූ ටියුබ් චැනල් එක හරහා හැමෝම වගේ දැකලා ඇති ලංකාවේ වගේම ලෝකේ වටෙත් ලස්සනම ලස්සන අපූරු තැන් වලට මේ දෙන්නා ඇවිදින්න යනවා.

ඉතින් ඒ වගේම තමයි මේ පුංචි පවුලේ කලින් හිටපු දෙන්නා දැන්නම් තුන්දෙනෙක් වෙලා කියන්නත් මේ වෙද්දී බොහෝ දෙනෙක් දන්නවා. ඉතින් ඒ තමයි චමරි උතුම් මව් පදවිය ලබලා ඒ පුංචි සුරංගනාවියක් වගේ දියණියක් මෙලොවට බිහි කිරීමත් එක්ක. ඉතින් මේ පුංචි ලස්සන දියණියගේ නම තමයි එලීනා. ඉතින් මේ පුංචි හුරතල දියණිය එලීනාගේ පළමු උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම කසුන්ට ඔහුගේ ආදරණීය බිරිඳ චමරිව මුලින්ම හමුවෙලා තියෙන්නේ අහම්බෙන් වගේ. ඒ කෝච්චියේ කොලඹ යන්න යාළුවො සෙට් එකත් එක්ක ආපු දවසකදී දුම්රිය ස්ථානයේදී. පලවෙනි හමුවීමේ ඉදන්ම හැමදාම දුම්රියේම තමා මොවුන් දෙදෙනා හම්බවෙලා තියෙන්නෙත්. ඉතින් ඒ දෙන්නගෙම රැකියාවට යන අතර තුරේදී. ඉතින් මේ දෙන්නා කසාද බදින්න කලිනුත් ගෙවල් වලට හොරෙන් එක එක තැන්වල ට්‍රිප් යන එකලු ගොඩක්ම කලේ.

ඉතින් මේ දෙන්නා ඉක්මනට කසාද බදින්න හේතුව වුනෙත් ගෙවල් වලට බොරු කියලා අවිදන්න යන්නැතුව නිදහසේ ට්‍රිප් යන්න පුළුවන් හින්දලු. ඒත් දෙන්නගේම රැකියා වැඩ කටයුතු හින්දා කසාද බැඳලා හරියට අවුරුද්දක් යනකන්ම මේ දෙන්නා කොහෙවත්ම ඇවිදින්න ගිහින් නැහැ. ඉතින් කලින් හිතන් හිටපු විදිහට ඇවිදින්න බැරි වුන හින්දා හරියටම පලවෙනි ඇනිවසරි එක දවසේ තමයි මේ දෙන්නට මේ Travel With Wife යූ ටියුබ් චැනල් එක පටන් ගන්න අදහස ඇවිත් තියෙන්නේ. ඉතින් එහෙම පටන් ගත්ත ආදර කතාව මේ වෙද්දී සුන්දර දියණියක් එක්ක තවත් ලස්සන වෙලා තියෙන්නේ. ඉතින් මේ ඊයේ දිනයේදී උපන්දිනය සමරපු පුංචි එලිනා දෝනිට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබපත ගමන් මේ ආදරණීය පුංචි කැදැල්ලට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.

01

02

03

Leave a Comment