Gossip

Travel With Wife එලීනා වෙනුවෙන් කරපු උතුම් ක්‍රියාව. රටක් වටිනා වැඩක්

travel with wife කියන්නේ ලංකාවේ යු ටියුබ් කලාවේ පෙරලියක් ඇතිකරපු යුවලක්. යුවලක් කියලා එදා කිවුවට දැන් මෙයාලා පුංචි පවුලක්. කසුන් සහ චමරි තනියෙන් කරපු මේ වැඩේට දැන් තව අමුත්තියක් ඉන්නවා. ඒ තමා ට්‍රැවල් ප්‍රින්සස් එලීනා අබිමන්ත්‍රා. දැන් එයා ලොකු බබෙක්. දෑසින් දවස හැඩවෙන ලස්සන ලස්සන සුරංගනාවියක්. ඉතින් දැන් කසුන් වගේම චමරි ට්‍රැවල් කරන්නේ මේ සුරංගනාවී එක්ක තමයි. ඉතින් පසුගිය දිනක එලිනාගේ අවුරුද්දේ උපන්දිනය සමරනු ලැබුවා. ඒ වෙනුවෙන් එලිනාට තෑග්ගක් දෙන්න කැමති අයට එලීනා වෙනුවෙන් පලයක් හිටවන්න කියලා චමරි සහ කසුන් යෝජනා කරාඅ. ඒ වැඩේට ගොඩක් දෙනෙක් එකතු වුනා.

ඉතින් අද එලීනා වෙනුවෙන් පැල 100ක් මිහිතලයට. එලිනාට තෑග්ගක් යන සංකල්පය පටන්ගත්ත trendeka ව්‍යාපෘතියේ පළමු අදියර විදියට අද දියත උයනේදී අනෝදා සහ මාදම් පැල 100ක් රෝපණය කරා. කදාහරි අපිට හුස්මක් ගන්න හෙවනක් දෙන්න, බඩගින්නක් නිවන්න හැකිවේවා යන්න අපේ ප්‍රාර්ථනාවයි. විශේෂයෙන් මේ වැඩේ අපිට සංවිධානය කරලා අපිව තව තවත් මේ ගැන දැනුවත් කරපු breathe with us team එකට ගොඩක්ම ස්තුතියි . අද වැඩේට සම්බන්ධ වෙලා දාඩිය මහන්සිය වැය කරපු සියලුම දෙනාටත් අපේ හදපිරි ස්තුතිය. යනුවෙන් ට්‍රැවල් විත් වයිෆ් මේ සිදුකරපු උතුම් පිංකම ගැන සමාජ මාධ්‍යට සටහනක් එක්කර තිබුනා.

අපිට ජිවය දෙන පරිරය වෙනුවෙන් මෙහෙම උතුම් ක්‍රියාවක් කරන්න සිත පහල වුන එකම ලොකු දෙයක්. දරුවන් වෙනුවෙන් හැම දෙමව්පියෙක්ම මෙලෙසින් සිතනවානම් කෙතරම් අගනේද. සෑම පුද්ගලයෙක්ම එක පැලයක් ගානේ රෝපණය කරා නම් මේ පරිසරය තවත් කෙතරම් සුන්දර වනු ඇතිද. පුන්හි දෝනි එලිනා වගේම කසුන්ගේත් චමරිගේත් අනාගත් සියලු වැඩ කටයුතු සුබ වේවා කියා අප සුබ පැතුම් එක්කරනවා.

Leave a Comment