Gossip

Travel With Wife එලීනා එක්ක ඩුබායි ගිහින් 5වන විවාහ සංවත්සරය සැමරූ හැටි.

travel with wife කියන්නේ මුළු ලංකාවේම ආදරය දිනාගත් යු ටියුබ් චැනල් එකක්. ලංකාවේ හැමෝම වගේ මෙයාල ගැන දන්නවා. සචාරය කිරීම තමයි මෙයාලගේ මුලිකම අරමුණ ලංකාවේ වගේම මුළු ලෝකෙම ලස්සන ඔබගේ දෑස මානයට ගෙන ඒමට මෙයාලා කටයතු කරනවා. ඒ වගේම ඉතාමත් ලස්සන වීඩියෝ රැසක් මෙයාලා මේ වන විටත් ඉදිරිපත් කරලා තියෙනවා. චමරි දීගොඩගමගේ සහ කසුන් දීගොඩගමගේ තමයි මේ යු ටියුබ් චැනල් එක කරන්නේ. හරිම ආදරණිය කපල් එකක් ලෙස මේ දෙන්නා හදුන්වන්න පුළුවන්.

චමරි සහ කසුන් කියන්නේ හරිම ආදරණිය දෙන්නෙක්. එයාලගේ නිහතමානී කම වගේම ආදරණිය බව නිසාම මෙයාලගේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙච්ච පිරිසක් ඉන්නවා කියලා කිවුවොත් නිවැරදියි. සංචාරය කරන්න ඔබට යන්න අලුත් තැන සහ ඔබට යන්න නොහැකි තැන්වල වුනත් සුන්දරත්වය ඔබට පෙන්වන්න තමයි මෙයාලා නිතරම උත්සහ කරන්නේ, දැන් මේ කැදැල්ලේ තවත් ට්‍රැවල් ප්‍රින්සස් කෙනෙක් ඉන්නවා. ඒ තමයි චමරිගෙයි කසුන්ගෙයි මුළු ලෝකයම වුන චුටි දෝනි එලිනා.

දැන් එලිනාට ආදරය කරන ෆෑන්ස්ලා ගොඩක් ඉන්නවා. චමරිට කසුන්ට වඩා දැන් ප්‍රේක්ෂකයෝ හැමෝම අහන්නේ එලිනා ගැන. එලිනා ඉන්න වීඩියෝ එකක් දානකන් තමයි හැමෝම බලන් ඉන්නේ. පුංචි දඟකාර කුමාරියක් එක්ක මේ දෙන්නා ගෙවන ජිවිතෙනම් හරිම සුන්දරයි. අම්මා තාත්තා කියන වගකීම් ගොඩක් තිබුනත් ඒ හැමදෙයක්ම හරිම ආදරයෙන් කරන ආදරණිය යුවලක් තමයි මේ දෙන්නා. ඉතින් ගිය අවුරුද්දේ අන්තිම කසුන් චමරි පුංචි එලීනා එක්ක ඩුබායි බලා පිටත් වුනා. එලිනාගේ පලවෙනි විදෙස් සංචාර අත්දැකීම තමයි මේක.

ඉතින් එයාලා මේ දවස්වල ඩුබායිවල ලස්සන බලමින් සංචාරය කරනවා. කලින් අවුරුදු වල සංචාරය කලේ මේ කපල් එක විතරක් නිසා මේ අත්දැකීම මේ තුන්දෙනාටම සුවිශේෂී දෙයක්. කවද හරි එලිනා ලොකු වුන දවසට මේ දේවල් බලද්දී එයාටත් ගොඩක් සතුටු හිතේවි. කසුන්ගේ සහ චමරිගේ පස්වෙනි විවාහ සංවත්සරය පසුගියදා යෙ දී තිබුනා. එයාලා ඩුබායි ඉදන් තමයි මෙවර එලීනා එක්ක විවාහ සංවත්සරය සමරනු ලැබුවේ. ඉතින් මේ ආදරණිය යුවලට අපි සුබ විවාහ සංවත්සරයක් වේවා කියා සුබ පැතුම් එක්කරනවා.

Leave a Comment