Gossip

ශනුද්‍රි විවාහ කරගන්න ලැබෙනවනම් වාසනාවක්. දිනේෂ් ගමගේ කියයි

ගායන ලෝකයේ ඉන්න තරුණියන් හැමෝම ආදරය කරන තරුණියන්ගේ ආදරය ආකර්ෂණය නොඅඩුවම ලබාගත් ගායකයෙක් තමයි දිනේෂ් ගමගේ කියලා කියන්නේ. ඔහු ඉතාමත් කඩවසම් තරුණයෙක්. ඒ කඩවසම් බවට සහ ඔහුගේ ආදරණිය හඩට මෙරට තරුණියන් බොහෝ සේ ප්‍රිය කරන බව නම් නොරහසක්. ඉතින් මේ ගායකයාගේ ගීත හැමෝම වගේ අහලා තියෙනවා. ඉතින් ඔහු සහ ශනු පෙම්වතුන් කියලත් සමහරු කියන්න පටන්ගත්තා.. වැහිබිදු සින්දුවේ රංගනයෙන් දායක වුනෙත් ශනු.

ඉතින් මේවට පිළිතුරක් ලෙස ශනු එක්ක තියෙන සම්බන්ධය ගැන දිනේෂ් කියලා තිබ්බුනේ මෙහෙම කතාවක්. ශනු සහ මම හොදම යාළුවො. අපේ යාලු කමට දැන් අවුරුදු 4ක් වෙනවා. ශනුගේ පෙනුමට මම කැමතියි. දමිල කෙනෙක්ගේ වගේ පෙනුමක් එයාට තියෙනවා. දමිල පෙනුමක් තියෙන අයට මගේ ඇල්ම කොහොමත් වැඩියි ශනුගේ ගතිගුණ හොදයි. එයා වගේ හොද කෙනෙක් විවාහ කරගන්න ලැබෙන කෙනා හරිම වාසනාවන්තයි කියලයි ඔහු කියන්නේ.

Leave a Comment