Gossip

මම ජිවිතේ විදිනවා. මම කැමතියි ඔයාලත් ජිවිතේ විදිනවා දකින්න. සමිතා කියයි.

සමිතා මුදුන්කොටුව කියන්නේ යුගයේ සිටින අති දක්ෂ ගායිකාවක්. එදා මෙදා තුර බිහිවුන දක්ෂ ගායිකාවක්. ඇයගේ හඩට පෙම් කරන රසික රසිකාවියන් රැසක් මේ ලංකාවේ වගේම විදෙස් රටවල් රැසක සිටිනවා. ගායනයට අති විශිෂ්ට හැකියාවක් ඇයට තියෙනවා. සමිතා අතුල සුසංයෝගය ලංකාවේ කාලයක් පුරාවට රසිකයන්ගේ ආදරය නොඅඩුව්ම දිනාගත්තා, සමිතා කියන්නේ දරු දෙදෙනෙකුගේ මවක්. ලොකු දුව කවි කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය කලාකාරියක්. පුතා ෂේන්. අතුලගෙන් වෙන්වුනත් සමිතා තවමත් අතුල සමග සුහදව සතුටින් කටයුතු කරනවා. ඒ වගේම දරුවනුත්.

සමිතා පසුගිය දිනක වීඩියෝවක් මගින් බොහෝ දේ පවසා තිබුනා. අමතක නොකර හැමෝටම ජිවිතේ විදින විදිය ඇය කියා දී තිබුනා. මම වැඩක් නැති දේවල් වට නම් දුක්වෙන කෙනෙක් නෙවෙයි. අපිට අපේ ජීවිතය, ජිවත් වෙන්න ඕනි ජිවිතේ විදින්න.ඉතින් මම හැමදාම කියනවා වගේ සතුටින් ඉන්න ජිවිතේ විදවන්න එපා. ගොඩක් කට්ටිය ආසයි වැඩක් නැති දේවල් තමන්ගේ කරගෙන ප්‍රෂන්ත් එක්ක ගත කරන්න. අනුන්ගේ දේවල් ගැන හිතන් නැතුව තමන්ගේ දේ හරියට කරගන්න.

ගොඩක් අය හිතනවා. සල්ලි ගොඩක් තිබ්බොත් ජිවිතේ හරිම ලේසියි කියලා. මම හිතන්නේ සල්ලි ගොඩක් තියෙන තැන්වලත් ප්‍රශ්න තියෙනවා. සමහර අය කැමතියි කොච්චර දේවල් තිබුනත් අනේ මට එයාට වඩා නෑනේ කියලා ගොඩක් ජිවිතේ දුකක් කරගන්න. ආදරේ ගැන කිවුවොත් මම නම් සාමාන්‍යයෙන් කැමතියි ආදරයක් ලස්සනට කරගෙන යනවා දකින්න.

ඉතින් එහෙම නැතුව ඒ දේවල් වලට දුක් වේවි ගෙවල්වල ඒවා කතාකර කර තමන්ගේ දේවල් අතපහු කරගෙන ජිවත් වෙනකොට තමන්ගේ කාලයක් නිරපරාදේ අපතේ යනවා . අපිට තියෙන දේ අපි රැකගෙන අපි ලස්සනට ජිවත් වෙමු. එහෙම ජිවිතයක් තමයි මම නම් ගෙවන්නේ . මම කැමතියි හැමෝම ජිවිතේ විදිනවා බලන්න. අපි පොසිටිව් විදියට හිතමු. මන් කැමතියි ඔයුආලත් මම විදියට හිතනවානම්. මමත් සියට සියයක් සම්පුර්න කෙනෙක් නෙවෙයි. පොඩි කාලේ ඉදන් මට කිසිම අඩුවක් තිබුනේ නැහැ. ඒ වගේම තමයි මට ආව ප්‍රශ්න ප්‍රශ්න කරගත්තේ නැහැ. ඒවා මාධ්‍යට කියන්න ගියෙත් නැහැ. මම නිශ්ශබ්ද්වා ඒවාට උත්තර දුන්නා.

Leave a Comment