Gossip

මම පස්ස හැරිලා හිටියත් ඕනේ කෙනෙක් මාව හඳුනාගන්නවා. ගැහැණු ළමයෙකුට තියෙන්න ඕනේ ඒක..

දෙවැනි ඉනිම නාට්‍ය හරහා ඉතාම කෙටි කාලයකින් ලංකාවේ ප්‍රේක්ෂක ජනතාවගේ ඉමහත් ආදරය කර පාත්‍ර වෙන්නට තරම් ඇය වාසනාවන්ත වුණා.එක්වරක් බැලුව කෙනෙක් දෙවරක් හැරිලා බලන්න තරම් වූ සුන්දර රූප සම්පත්තියක් හිමි ඇය නමින් නෙත්මි රොෂෙල්. දෙවෙනි ඉනිමේ අක්ෂා ගේ චරිතයට පණ දෙන ඇය මේ වෙනකොට ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්. ඉතින් අපි මේ සූදානම් වෙන්නේ ඇය ගැන. කුඩා කාලයේ ඉඳන්ම රංගනයට එන්නට කිසිම බලාපොරොත්තුවක් නැති ඇය රංගනයට සම්බන්ධ වෙන්නේ අහම්බයකින්. දෙවනි ඉනිම ටෙලි නාට්‍ය හරහා ඔබට ඉතාමත් ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් ආදරයක් ලැබෙනවා නේද? ඒ ගැන හිතෙන්නේ මොනවාද?. “ඇත්තටම ඒක නම් ලොකුම සතුටක් ඕනම කලාකාරයෙක් කලාකාරිනියක් අවසානයේ බලාපොරොත්තු වෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ නොමද ආදරය ලබන්න.

ඒක ගොඩාක් ලබන්න තරම් මම පුදුම වාසනාවක් කරලා තියෙනවා. මට දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ තිබුණෙ මුලින්ම තත්පර 5ක දහයක චූටි කොටසක් රඟපාන්න. නමුත් ඒ තප්පර පහේ දහයේ දී මුළු ලංකාවම මාව අදුරගත්තා. හැමෝම මට ආදරේ කරන්න පටන් ගත්තා. ආක්ෂා කියන චරිතයට ගොඩක් අය ආදරේ කරනවා. මම යන යන තැන ඕන කෙනෙක් බව අඳුර ගන්න තත්වෙට පත්වෙලා තියෙනවා. නවක රංගන ශිල්පිනියක් විදිහට මේ ලැබෙන ආදරේ තරම් මට වෙන කිසිම දෙයක් උවමනා නැහැ.” ගෙදර අයගේ කැමැත්ත තිබුණත් ඔබ රංගනයට එනවට.” එහෙම අකමැත්තක් නම් තිබුනෙ නැහැ ගෙදරයි ගොඩක් කැමැති වුණා මම රංගනයට එනවට. තාත්තා මුලදී පොඩ්ඩක් කැමති වුණේ නෑ. නමුත් අවුරුදු කුමාරි තරඟෙට ඇවිල්ල ටික ටික ක්ෂේත්‍රයට අඩිය තියන්න එද්දී එද්දි තාත්තගේ අකමැත්තත් ගියා.ඉතින් එයාලා මට ගොඩක් උදව් කරනවා. එයාලත් මගේ ගමන ගැන ගොඩක් සතුටෙන් තමයි ඉන්නේ.

ඔබට තියෙන්නේ හරිම ආකර්ශණීය කොණ්ඩයක්. ඉතින් අපි කොණ්ඩය ගැනත් චුට්ටක් කතා කරමු. “මගේ කොණ්ඩය කියලා කියන්නේ මගේ අනන්‍යතාවය කියලා කිව්වොත් හරි. අවුරුදු කුමාරි තරගයක් ජයග්‍රහණය කරන්න පංචකල්‍යානිය ඕන වෙනවා. ඉතින් මගේ ජයග්‍රහණය ටත් මගේ කොණ්ඩය ලොකු පිටුවහලක් වුණා. මගේ කොණ්ඩය මට වාසනාවක්. මම පිටි පස්ස හැරිල හිටියත් මගේ කොන්ඩ හින්දා මාව ඕන කෙනෙක් අඳුරගන්නවා. මගේ කොන්ඩය මේ විදිහටම තියාගන්න මම ඕනම ඕනෑම අභියෝගයකට මුහුණ දෙනවා. මටත් වඩා මගේ කොණ්ඩෙට ආදරේ කරන්නේ තාත්තා.”ගෑණු ළමයෙක්ට අනිවාර්යෙන්ම තියෙන්න ඕන දේවල් ගැන ඔබ මොනවද හිතන්නේ.” ගෑණු ලමයෙක්ට අනනු ළමයෙක්ට අනිවාර්යෙන්ම ඉවසීම තියෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ඉවසීම තියෙන ගෑණු ළමයගෙ අනාගතය ගොඩක් හොඳයි. යම් කිසි ක්ෂේත්‍රයක නියැලෙනවා නම් ඒත් ඉවසීම ඕනේ අනිත් ගුණාංග තමයි ඇහුම්කන් දීම. මේ ගුණාංග ටික ටික තියෙනවා නම් අනිවාර්යෙන් ගැහැණු ළමයෙක් ජීවිතය සාර්ථක වෙනවා. ඒ මම හිතන විදිහ.

01

02

03

Leave a Comment