Gossip

මමත් මනුස්සයෙක්නේ. මටත් හැඟීම් තියෙනවා – කලකට පසු බුකිය කැළඹූ, නෙහාරා පීරිස්ගේ හෙළිදරව්ව.

අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන වගේම ගොඩක් ගරු කරන කළා පවුලක් හැටියට තමයි අපි නෙහාරා පිරිස් හා මේනක රාජපක්ෂ දෙදෙනාගේ හදුනාගන්න පුළුවන් වෙන්නේ. කොහොම නමුත් මේ පවුල ගැන කෙටියෙන්ම කියන්න ඕනේ ඉතා සාර්ථක වගේම කටත් ආදර්ශමත් පවුලක් හැටියට තමයි අපි ඇයව හඳුනාගන්නේ. ඉතින් මේ දෙදෙනාගේ ආදරණිය කැදැල්ල තවත් සුන්දර කරමින් ලගදි පවුලට අලුත් සාමාජිකයෙක් එකතු වුනා. සුරංගනාවියක් වගේ ලස්සන චුටි දියණියක් තමයි මෙලෙසින් පවුලට එකතු වුනේ. ඉතින් කොහොම හරි කාලයක් තිස්සෙම විවිධ චරිත වෙනුවෙන් දායක දක්වමින් රසික ආදරය දින්ගන්නට මේ දෙන්නගේ රංගන ජිවිතයට හැකියාව ලැබුනා.

ඔවුන් දෙදෙනාම දායක වෙමින් කල හරි අපිරු නිර්මාණ රැසකුත් කාලෙකට පෙර අපු දුටුවා. අද වෙද්දී නම් ඉතින් මේ දෙදෙනාගේ නිර්මාණ දකින්න වෙන්නේ නැති තරම්. ඉතින් අද මේ කියන්න යන්නේ ඔවුන්ගේ නිවසේ පැවති උපන්දින සාදයක් ගැනයි. පසුගිය දවසක ඇය යූටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඇගේ ජීවිතේ අසීරු තැන් බොහෝමයක් ගැන මෙන්න මේ විදිහට හෙළිදරව් කළා.

“එකපාරම හැමදාම එපා වුණා. මට එක්තරා තැනකදී, (ගොඩක් වැඩකරපු නිසාද දන් නෑ.) දැන් ඇති කියන හැඟීම ආවා. දැන් මට මහන්සි, දැන් මට ඕනි සාමාකාමී වෙන්න කියලා හැඟීමක් ආවා. මට දික්කසාදයකට යන්න වුණා. ඉතින් මිනිස්සු ඒකට රියැක්ට් කරපු විදිහ, ඒකට හැදුනු කටකතා.. ඒ ඔක්කොමත් එක්ක මට හිතුණා, ඇයි නේද කියලා. මමත් මනුස්සයෙක්නේ. මටත් හැඟීම් තියෙනවා. මේක මට විතරද වෙන්නෙ කියලා මම මාවම ප්‍රශ්න කළා. මම කොහොමද ලෝකෙටම කියන්නෙ මෙහෙම තමයි වුණේ කියලා ? සෝෂල් මීඩියා එහෙම තිබ්බ නම්, ඒ වෙලාවේ මිනිස්සු කියපු කතාවලට මට සූසයිඩ් කරගන්න වෙන්නෙ.”

“මම හිතන්නේ මේ හැමදේම තාවකාලිකයි. ස්පෙෂලී අපේ රටේ.. ඉතින් ඒ නිසා මට මේ ෆීල්ඩ් එක ගැන ලෝබකමක් තිබුණේ නෑ. මම ජීවිතේ ගත්ත කිසිම දෙයක් ගැන පසුතැවෙන් නෑ.”

01

02

Leave a Comment