Gossip

නත්තලට කල් තියාම සුදානම් වෙන ප්‍රමුදි අලුත්ම චයරුප පෙළක් බුකියල කළඹයි.

මීට වසර ගණනාවකට කලින් අපේ අපේ රටේ රුපවාහිනියේ ළමා රංගන ශිල්පිනියක් ලෙසින් ජනප්‍රිය වුනු තරුවක් තමයි ප්‍රමුදි කරුණාරත්න කියන්නේ. සුලන් කිරිල්ලි, සරෝජා වැනි සිනමා නිර්මාණ තුලින් මිනිසුන්ගේ ආදරය දිනාගත් ප්‍රමුදිට අදටත් ගොඩක් අය කියන්නේ පුංචි පංචි කියලා. මොකද ඒ වැඩසටහ තුලින් රටේම ආදරය දිනාගන්නට ඇයට හැකි වුනා. කාලයක් කලාවේ දකින්නට නොමැතිව සිටියත් තවමත් මේ චරිතය මිනිසුන්ට අමතක වෙලා නැහැ. දැන්නම් ඉතින් ඇය පුංචි පැන්චියක් දෙදෙනෙකුගේම ආදරණිය මවක්.

ප්‍රමුදිට සැමියා මුනගහෙන්නෙත් කළා ක්ෂේත්‍රය තුලින්මයි කියලා කියන්නේ. නමුත් දැන්නම් වසර ගණනාවක ඉඳන්ම ප්‍රමුදි කලාවෙන් ඈත් වෙලා තමයි ඉන්නේ. රංගනයෙන් ඉවත් වෙලා දැන් වසර හයක් හතක පමණ වෙනවා. එහෙම රංගනයෙන් ඈත් වෙලා ඉන්නකොට ප්‍රේක්ෂකයින්ට ඇයව අමතක වෙලා කියලා සිතුවත් තාමත් එහෙම වෙලා නම් නැහැ. ඇයගේ රුව දුටු ගමන්ම අමතන්නේ පුංචි පැංචි කියලා. දැනටත් රංගන වැඩ වැඩසහන් වලට ගොඩක් ආරාධනා ලැබෙනවා. නමුත් ඇය නැවත කලාවට එන්නේ නැහැලු. දැන් දරු දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් වන ප්‍රමුදි, ඇගේ සැමියා එක්ක ළඟ ළඟ එන නත්තලට සුදානම් වෙන්නෙ මෙහෙමයි.

01

02

03

04

05

06

Leave a Comment