Gossip

Stress පිටකිරිමට අවස්ථාවක් දුන්නාට තුති. මේධා ජයරතනගෙන් සැර කතාවක්.

මේධා ජයරත්න කියන්නේ ලංකාවේ සිටින අංක එකේ නිලියක්. මුළු ලංකාවේම ආද්‍රය දිනාගත් නිලියක් අතමයි ඇය. තවමත් සුන්දර කෙලි පොඩිත්තක් වගේ සතුටින් ඉතාමත් විනෝදයෙන් ඇය කාලය ගත කරනවා. ඇයට ප්‍රේක්ෂකයින් බොහෝ සේ ආදරය කරනවා. ඇය ඉතාමත් නිහතමානී වගේම කියන දේ කෙලින් කතාකරන ආදරණිය චරිතයක්. පොලවේ පය ගහලා උපරිම නිදහසින් කාලය ගත කරනවා. ඇය දරු දෙදෙනෙකුගේ මවක්. දැන් විවාහයෙන් වෙන්වී තමයි ඇය ඉන්නේ.

දරු දෙදෙනා ඇයට හිමිනොවුනත් සැමියා ලග සිටින දරු දෙදෙනා බලන්න ඇය නිරන්තරයෙන්ම යනවා. ඇය නම් කියන්නේ ඇයට පෙම්වතෙක් ඉන්නවා. කියලා. ඇයට වියදම් කරන්නේ ඔහු කියලයි. පසුගිය දිනකදී ඇය කියපු කතාවක් විකෘති කරලා දාපු කෙනෙක්ට ඇය සැර කතාවක් කියලා තිබුනේ නැවත එලෙස දෙයක් නොකරන්නම.

උපාධියක් තියාගෙන රැකියාවක් නොකරන එක ගැන දුකක් නැද්ද කියලා අයගෙන් අහපු ප්‍රශනයකට ඇය පිළිතුරු දී තුනේ මෙලෙසින්, මට කොහොමත් එහෙම පසුතැවීමක් නැත. උපාධිධාරිනියක් ලෙස රජයේ සේවයට බැදුනා නම් මාසේ පුරාම වැඩ කරලා වැඩිම වුනොත් රුපියල් හට හත්තදාහක වැටුපක් ලබයි. ඒ ගැන අපි කලාකරුවන් විදියට දවස් කිහිපයක් වැඩ කරලා හොයනවා. වැඩසටහනක නිවේදන කටයුතු මෙහෙයුවොත් එක දවසකට රුපියල් හතලිස් දාහක් පනස් දාහක් ගන්නවා. එහෙම බැලුවොත් රජයේ සේවකයින් මාසෙම වැඩ කරලා හොයන මුදල් අපි එක දවසින් හොයන අවස්ථා තියෙනවා යනුවෙනුයි.

කෙසේ වෙතත් එය විකෘති කර තිබුන යට ඇය කියා තිබුනේ මෙවැනි කතාවක්. උපාධියක් තියාගෙන රැකියවක් නොකරන එක ගැන දුක නැද්ද. පුවත් පතකින් අසු ප්‍රශ්නයට මා දුන් පිළිතුර බඩ වඩා ගැනිමට කුමක් හෝ කරන page කාරයන් විකෘති කර ඉදිරිපත් කිරීම මට අරුමයක් නොවේ. හඩක් නැති ජීවිතේම ඇරියස් වී හීනමානයෙන් ජීවත්වෙන සුළු පිරිසකගේ stress පිට කිරීමට අවස්ථාව ලබාදීමට ස්තුති වන්ත වෙමි. මගේ පියා විදුහල්පතිවරයෙක් වන අතර මව ගුරුවරියක් එබැවින් රජයේ සේවකයන්ට අගෞරව කිරීමට වුවමනාවක් නැත. නොඅඩුවම ලැබෙන රසික ආදරයට ස්තුති වන්ත වෙමි.

Leave a Comment