Gossip

මගේ ලොකුම ආසාව වුනේ මගේ අම්මට වඩා දරුවෝ හදන්න. මාධවී කියයි.

මාධවී වත්සලා ඇන්තනි. මේ නම මුළු ලංකාවම දන්න නමක්. අනතනි නාමය දන්නේ නැති කෙනෙක් මේ ලංකේ නැහැ. ජැක්සන් ඇන්තනි නම් ඒ මහා කලාකරුවාගේ ආදරණිය ලොකු දරුවා. එකම දියණිය ඇය තමයි. හා හා පුරා කියා. ජැක්සන් ඇන්තනි කලාකරුවාට සහ කුමාරි මුණසිංහට දාව කැදැල්ලේ සතුට මුලින්ම රැගෙන ආ කුමරිය ඇය තමයි. අද ඇය අම්මා තාත්තා වගේම මුළු ලංකාව දන්නා හදුනන ආදරණිය කලාකාරිනියක්.

විටෙක නිලියක්. විටෙක ගායිකාවක් තවත් වරෙක නිවේදිකාවක්. තවත් වරෙක නර්තන ශිල්පිනියක්. හොද කියන්නියක්. කවිකාරියක්. එකෙඉ මෙකෙඉ නොකී දක්ෂතා රැසකින් පිරිපුන් ගැහැනියක් තමයි ඇය. ඒ වගේම හොද කෝකියෙක් කියලත් ඇයව හදුන්වන්න පුළුවන්. පුංචි කාලේ ඉදලම හපන් පැදුරෙන් ඇය ලංකාවේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගන්න සමත්වුනා කිවුවොත් නිවැරදියි. මේ දිනවලද ඇය අදුන්ගිර ටෙලි නාට්‍යයේ දැකගන්න පුළුවන්. පුංචි තිරයේ වගේම සිනමාවේ ඉන්න අති දක්ෂ නිලියක් තමයි ඇය.

ඇය විවාහ වෙන්නේ මිලාන් සමග ඔහුත් සමග මේ වෙද්දී ඉතාමත් ආදරණිය ජිවිතයක් ඇය ගත කරනවා.මේ කහෙතරයේ ඉන්න ඇයගේ සහජ හැකියාව වගේම මවගේ සහ පියාගේ අබාශය නිතැතින්ම හේතු වන්නට ඇති බවයි ඇය කියා සිටියේ. ඒ වගේම ඇය හොද පර්යේෂණ ග්‍රන්ථ ලියන්නියක් බවද ඇය කියා සිටියා.මම සලාගම කුලය පිළිබද සංස්කෘතික විද්‍යාත්මක අධ්‍යනයක් කරා. ඒකට ලොකු ප්‍රතිචාර ලැබුනා.

මගේ හිතේ තිඋන ලොකුම අසාවක් තමයි මගේ අම්මට වඩා දරුවෝ හදන එක. එකට හේතුව තමයි අම්මා අපි තුන්දෙනා ගැන හරි ආඩම්බරෙන් කතාකරනවා. ඉතින් මම ආසයි මගේ අම්මට ඒ ආඩම්බරය කොහොමද දැනෙන්නේ කියලා බලන්න ඇය කියා සිටියේ. ඇයගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා කියා අප ප්‍රර්ථනා කරනවා.

Leave a Comment