Gossip

මගේ හස්බන්ඩ් තමයි යෝජනා කලේ කොච්චි කියලා, කෙල්ලෝ එකතු වුනාම කොහොමත් සැරයිනේ. උපේඛාගෙන් අමුතුම කතාවක්.

මෑත කාලයේ බිහිවුණු අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය කාන්තාවන් හතර දෙනෙකුගෙන් යුත් ජනප්‍රිය සංගීත කණ්ඩායමක් තමයි කොච්චි කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මෙය දෙරණ ඩ්‍රීම්ස්ටාර් මඟින් බිහි වුණ දක්ෂ තරු හතරකින් සැදුම් ලද අපූරු සංගීත කණ්ඩායමක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ අපේ රටේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන කොච්චි සංගීත කණ්ඩායමේ නායිකාව තමයි ජනප්‍රිය ගායිකා උපේඛා නිර්මාණි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ සංගීත කණ්ඩායම ගැන මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ. මගෙ පුතා ලැබුණ අලුත මට හිතුණා මොනවහරි අලුත් දෙයක් එක්ක ක්ෂේත්‍රයට නැවත එන්න ඕනේ කියලා. උපේඛා නිර්මාණි විදිහට තනිවම කටයුතු කරන අතරෙදි තවත් වෙනසක් කළ යුතුයි කියලා මට හිතුණා. කොහොම නමුත් මුලින් ත්‍රී සිස්ටර්ස් සංගීත කණ්ඩායම තිබුණත් අද වනවිට ක්ෂේත්‍රයේ කාන්තා සංගීත කණ්ඩායමක් නැහැ. ඒ අඩුව හඳුනාගනිමිනුයි මේ කණ්ඩායම ආරම්භ කළේ. එය අසාවෙන් කළ දෙයක්.

කොච්චි නම දැම්මේ මට ඕනෙ වුණා සිංහල නමක් දාන්න. ගොඩක් අපට ඇහෙන්නේ ඉංග්‍රීසි නම්නේ. මට ඕන වුණා රස නමක් දාන්න. නම දාන එකත් ගොඩක් හිතන්න වුණ වැඩක්. මගෙ හස්බන්ඩ් යෝජනා කළා කොච්චි කියන නම. ගර්ල්ස්ලා කොහොමත් සැරයිනේ. ඉතින් ඒ නම හොඳටම හොඳ වුණා. ඇත්තටම කොරෝනා අපේ නිර්මාණ කටයුතුවලට ලොකු බාධාවක් වුණා. ඒ නිසා අපි යූටියුබ් එකටයි නිර්මාණය කළේ. අපේ යූටියුබ් චැනල් එක කොච්චි මියුසික්. මාසෙකට එකක් වගේ තමයි අපි නිර්මාණයක් කරන්නේ. බබාලා දෙන්නෙක් ඉන්න අම්මලා දෙන්නෙක් ඉන්නවා. මේ වෙලාවේ එළියට යන්න අපහසුයි ඒ අය ගැන වගේම රටේ තත්ත්වය හොඳ මදි නිසා. කොරෝනා එක්ක පරිස්සමින් වැඩ කටයුතු කරගෙන යනවා.

ඇත්තටම මගේ හස්බන්ඩ් නැටලිගේ හස්බන්ඩ් එරන්දිගෙ හස්බන්ඩ් වගේම ශෂිකාගේ දෙමාපියන් ඇය තාම විවාහ වෙලා නෑ ලොකු සහයෝගයක් දෙනවා. කොච්චි නිර්මාණවල වීඩීයෝ කරන්නේ ඒවා එඩිට් කරන්නේ මගේ හස්බන්ඩ්. ඕන තැනකට බය නැතුව යන්න පුළුවන්. අපිට දෙයක් කරන්න පිටිපස්සෙන් ඉඳලා සවියක් වෙන්නේ ඔවුන්. මෙය මම ආරම්භ කළත් මේ සියල්ලගෙන්ම ලැබෙන සහයෝගය නිසයි මට බෑන්ඩ් එක ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ. දැන් අවුරුදු දෙක හමාරක් වෙනවා බෑන්ඩ් එකට. තනියම ගායනා කරනවට වඩා බෑන්ඩ් එකකදි ලොකු කැපකිරීමක් වෙහෙසක් ගන්න ඕනෙ එය පවත්වාගෙන යන්නට. ඒ සඳහා මගේ සොයුරියන් සියලුදෙනාම එකාවන්ව ඉන්න එක මට ලොකු හයියක්. වෙඩින් කොන්සර්ට් ඒ හැම දේම අපි කරනවා. ඔරිජිනල්ස් තුනක් සහ තව කවර්ස් කිහිපයක් ඉදිරියේ දී කරන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම විශේෂ වූ වෙනස්ම වැඩක් ළඟදීම කොච්චි තුළින් ගේන්නත් අපි සූදානම්. අපි කරන නිර්මාණ ඔවුන් වැලඳගෙන තියෙනවා. අපිව අගය කරනවා. අපි කියන පොඩි තැනත් අල්ලගෙන ඒ ගැන කතා කරනවා. අපේ නිර්මාණයක් යූටියුබ් එකට දාපු ගමන් රිවිව් කරනවා. අපේ උත්සාහය හැම වෙලේම හොඳම දේ කරන්න කියලයි උපේඛා අවසාන වශයෙන් පවසලා තිබුනේ.

01

02

03

Leave a Comment