Gossip

අනාගතයේ ගුරුවරියක් වෙලා ගමකට යන්න හදන ජනප්‍රිය නිලි නයෝමි තක්ෂිලා.

අද වෙද්දී ටෙලි කතා ක්ෂේත්‍රයේ වගේම ගීත රුප රචනා වෙනුවෙන්ද අපිට වැඩියෙන්ම දකින්න ලැබෙන චරිතයක් තමයි ඇය ඇය කලාව තුල විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන ඉන්නවා අපිට දකින්න පුළුවන්. පසුගිය දිනවල ඇයගේ මංගල ඇඳුමින් සැරසුණු චයරුප කිහිපයක් නිසා ගොඩක් දෙනෙක් ඇයට විවිධ කතා රැසක් කියන්නට පටන්ගෙන තිබුනා. ඒ ඇය හැමෝටම නොකියම විවාහ වුනාන් කියලා. හැබැයි ඇය නම් කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. ඒ මංගල ඇඳුමින් සැරසුණු ෆොටෝ ශුට් එකක් කියලා. එහෙම ගොඩක් දෙනෙකුට පෙන්න හෙතුව හැමදේම ස්භාවික ආකාරයෙන්ම අපිට දකින්න ලැබුන නිසා වෙන්න ඇති කියලා තමයි ඇය කියන්නේ. ඉතින් කොහොමහරි කලාව වෙනුවෙන් විශාල සේවාවක් කරන ඇය අදානිය රසිකයින් වෙනුවෙන් කියල තිබුනේ මෙන්න මේ වගේ කතාවක්.

ඇතත්ටම බඳින දවස කවද ද..? මගේ විවාහය සිද්ද වෙන වෙලාවක් කලාවක් හරියටම කියන්න බැහැ. ඒත් දැන් නම් විවාහ වුණොත් හොඳයි කියලා හිතිලා තියෙන්නෙ. නයෝමිගේ මංගල උත්සවය සැලසුම් කරල තියෙන්නෙ මොන විදිහටද..? මගේ ජීවිතයේ කිසිම දෙයක් මම ගොඩාක් ඉහළින් සමරපු කෙනෙක් නෙවෙයි. මගේ උපන් දිනයක්වත් මම එහෙම විශේෂයෙන් පවත්වලා නැහැ. මම කැමතියි චාම් විදිහට. ඒ නිසා මගේ විවාහයත් බෙහොම චාම් විදිහට සිද්ධ වෙයි. මංගල දිනයේදී මම උඩරට මනාලියක් විදිහට සැරසෙනවට මගේ අම්මා ආසයි. ඒ නිසා මම මගේ අම්මගේ කැමැත්ත අනුව මගේ මංගල දිනයේදී මම උඩරට මනාලියක් සේ හැඩවෙනවා.

නයෝමිගෙ අනාගත බලාපොරොත්තු මොනවද.. ? මම ගොඩක්ම ගමෙන් කොළඹට එන්න හේතුව නාට්‍ය හා රංග කලාව හදාරලා ගුරුවරියක් වීමේ අරමුණ ඉටුකරගන්නයි. ඒ අනුව මම ටවර් හෝල් පදනමේ නාට්‍ය රංග කලාව පිළිබඳ ඩිප්ලෝමාව හා උපාධිය සඳහා විභාගවලට පෙනී ඉඳලා එහි ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින්න සූදානම් වෙනවා. ඉන් පසුව මම බලාපොරොත්තු වෙනවා නාට්‍ය හා රංග කලා ගුරුවරියක් ලෙස වෘත්තිය අරඹන්න. අද වෙනතුරුත් අපේ ගමේ ඉස්කෝලෙට නාට්‍ය හා රංග කලාව උගන්වන්න ගුරුවරයෙක් නැහැ. ගම්වල අපිට වඩා දක්ෂ ළමයි කෙතෙුත් ඉන්නවා. හැබැයි ඉගෙනගන්න වුවමනා සම්පත් නැහැ. මගේ ලොකු බලාපොරොත්තුව ඒ වගේ දුෂ්කරතා මැද ඉගෙන ගන්න දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්නයි. ඒ නිසා මම අනාගතයේ ගමක පාසලක ගුරුවරියක් විදිහට සේවය කරයි. ඒත් මම රංගනය අතහරින්නෙ නැහැ.

01

02

Leave a Comment