Gossip

ජනප්‍රිය නිලි දුලීකා මාරපන 20වසරක අතීතය ගැන සිහිකරමින් තැබූ සටහන.

දුලීකා මාරපන කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ ජනප්‍රිය නිලියක්. ඇය ගැන මුළු ලංකාවම වගේ දන්නවා. ඇය ලංකාවේ වේදිකාව, පුංචි තිරය වගේම රිදී තිරයත් එකලෙසින්ම ජයගත් ජනප්‍රිය කාතකවියක්. ඒ වගේම ලංකාවේ ඉතිහාසය වෙනස් කරපු කෙනෙක් කියලා ක්වුවොත් නිවැරදියි. ලංකාවේ නිතිය වෙනස්කල ලොකු පෙරලියක් කරමින් නීතී විද්‍යාල සිසුන්ට බොහෝ දේ ඉගෙන ගන්නට ඇයගේ ජිවිත කතාව ඉවහල් වුනා කියලා කියන්නත් පුළුවන්.

දුලීකා කියන්නේ තවමත්හැඩට වැඩට ඉන්න යුවතියක්. ඇයගේ රංගන කුසලතාව ගැන අමුතුවෙන් කියන්න අවැසි වෙන්නේ නැහැ. මොකද ඇය ඒ තරමටම රංගනයෙන් දස්කම් විස්කම් පෑ යුවතියක්. ඈය ඕනෑම චරිතයකට උපරිම සාධාරණයක් සිදුකරන බව ඇයගේ ආදරණිය ප්‍රේක්ෂකයින් දන්නවා. විශේෂයෙන්ම අත්තම්මා වැනි ටෙලි නිරමාණ තුලින් ඇය එය සක්සුදක් සේ පහදා දුන්නා කිවුවොත් නිවැරදියි.

ඇය විවහවෙන්නේ කඩවසම් තරුණයෙක් සමග ඔහු සුජීව ප්‍රියලාල්. දක්ෂ රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂක වරයෙක් ලෙස කටයුතු කරනවා.මේ දිනවල ඔවුන් දෙදෙනාම ඉන්ටර්නැසනල් වගේම දිවිතුරා යන ටෙලි නාට්‍ය දෙකේම රංගනයෙන් දායක වෙනවා. ඉතාමත් ආදරණිය යුවලක් තමයි මේ දේපල. ආදරයෙන් සතුටෙන් ඔවුන් දෙදෙනම් අකාලය ගත කරනවා. නිහතමානී කෙලින් කතාකරන පොලවේ පයගහලා ජිවත් වෙන ඇයට හැමෝම ආදරය කරන්නෙත් එනිසාමයි.

දුලීකා වසර 20කට පෙර අතීතය මතක් කරමින් 20 වසරකට පෙර ඇයගේ චායාරුපයක් සමාජ මාධ්‍යට එක්කරමින් සටහනක් තබා තිබුනේ මෙලෙසින්, ආයුබොහෝ වේවා. 2001 පින්තුර- සුදම් ගුණසිංහ. kg 57 බරපන්තියට ජූඩෝ කරපු කාලේ. පරණ මතකයන්. හරියටම අවුරුදු 20කට පෙර තරුනකාලේ කවුරුත් හැඩයි. හොදම උදාහරණය ගෙදර ඉන්න අම්මා. හැඩේ අඩු උනාට වගකීම් අඩුවෙන්නේ නැහැ. දින දින මුහුකුරා යද්දී හැම කෙනෙකුට මහ විශාල සමාජ වගකීමක් පැටවෙනවා. තරුණ සමනල් විය නිකම්ම අයින් වෙනවා. කන්නාඩියක් ඉදිරියේ හිටගත්තම ඒක අපි හැමෝටම තේරේවි. එදා සිටි කෙනාමද තාම ඉන්නේ කියලා.. ඔබේ වගකීමට අදම සුදානම් වෙන්න.

Leave a Comment