Gossip

පිරිමි ළමයෙක් ඇවිත් මාව බදාගත්තා, එයාට මම එයාගේ ගෙදර එක්කගෙන යන්න ඕනේ කිවා, දිනිතිගෙන් අපුරු කතාවක් එලියට.

ජනප්‍රියම චරිත අතරේ ඉහලින්ම ඉන්න කෙනෙක් තමයි දිනිති වල්ගම කියලා කියන්නේ. මේ දිනවල ගොඩක් ඇය ගැන කතා කරනවා. ඇය ගුවන්සේවිකාවක් විදියට තමයි කටයුතු කරන්නේ. කොහොම නමුත් ඇය ඇයගේ තියන ආසාව නිසා තමයි ඇය රංගනය වෙනුවෙන් දායක වෙලා තියෙන්නේ කියල තමයි අපිට නම් දැනගන්නට ලැබුනේ. ඉතින් අද මේ සුදානම් වෙන්නේ දිනිති ගැන ඇහෙන අලුත්ම කතාවක් ගැන ඇයගෙන්ම අහලා දැනගන්නට. ඉතින් මේ ඇගේ කතාවයි.

මට පුංචිකාලේ ලෝකය දකින්නයි ඕනවුණේ. මගේ හීනය වෙලා තිබුණේ ඒකම විතරයි. ඒක මට හැබෑ කරගන්න ගුවන්සේවිකාවක් වෙන්න. ගුවන් නියමුවරියක් වෙන්න ඕනවුණේ නැහැ.කොහොම හරි ලෝකය වටේ යන්නයි ඕනවුණේ. ඉස්සර වෙන රටවල්වල ඉඳන් එන අය එයාලා ගෙනත් දෙන තෑගි, එයාලා ඒ රටවල් ගැන කියන දේවල් නිසා මට ඒ ආසාව ඇතිවුණා. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, ලොකු අම්මයි, අයියලා දෙන්නයි. ඇත්තටම ඒ ළමා කාලයේදී මට සමහර වෙලාවට මම කෙල්ලෙක් කියලා මටම අමතක වුණා. ඒ තරමටම මම ඒ කාලේ කොල්ලා වගෙයි. මම සෙල්ලම් කළේ මගේ අයියලා එක්කයි. මගේ පොඩි අයියා මට වඩා අවුරුදු තුනක් වැඩිමල්. අයියලාගේ යාළුවන්ට වුණත් මම නංගි කෙනෙක් වගේ දැනුණේ නැහැ.එයාලටත් මාව තවත් එක කොල්ලෙක් වගෙයි මාත් එක්ක සෙල්ලම් කළේ.

මම ඉන්දියාවේ බැංගලෝර් විශ්වවිද්‍යාලයේ අවුරුදු තුනක් ඉගෙන ගත්තා. අවුරුදු තුනකට පස්සේ 1st Class උපාධියත් අරගෙන මම ලංකාවට ආවා. පුංචි කාලයක් මම සහකාර කථිකාචාර්යවරියක් විදියට ලංකාවේ සේවය කළා. හැබැයි ඒක මට ගැලපෙන්නෙම නැහැ කියලා මටම තේරුණා. ඒ නිසා මම ඒකෙන් අයින් වුණා.මාස්ක් එකත් දාලා, Face Shield එකත් දාලත් මිනිස්සු මාව අඳුරගන්නවා. ඒ අය &මේ ගුවන් යානයේ දිනිති ඇති කියලා හිතාගෙනයිලු ඉන්නේ. ඒ නිසා දැක්ක ගමන් මාව හඳුනගෙන කතාකරන අය ඕනතරම් ඉන්නවා. ඒ ආදරය හරි සුවිශේෂියි. එයාලා හිතේ තියාගෙන එන රෑපය දැක්ක ගමන් හඳුනා ගන්නවා.එකවතාවක් මෙල්බන් එයාර්පෝට් එකේදී එක පිරිමි ළමයෙක් මාව බදාගෙන එයාට මාව එයාලගේ ගෙදර එක්කගෙන යන්න ඕන කිව්වා. ඒක මට අමතක වෙන්නේ නැහැ. මම කිසිම දාක ටාගට්වලට ගිය කෙනෙක් නෙවේ. අද දවස ජීවිතේ විඳින්නයි මට ඕනේ. මම ඊයේ වෙච්චි දේ ගැන දුක් වෙන්නේවත්, දැකලා නැති හෙට ගැන හිතන්නේවත් නැහැ. අද දවස ලැබුණ තෑග්ගක්. ඒ අද දවසට මම ආසයි. ඒ දවස සතුටින් ඉන්නයි මට ඕනේ.

01

02

03

04

Leave a Comment