Gossip

මම වැඩියෙන්ම කැමති සීතල දවස් වලට, සුරූපී නිලි දිල්හානි වීරසිංහ

මේ දිනවල වැඩිය දකින්න නොලැබුනත් අපේ රටේ ඉන්නා ජනප්‍රිය නිලියන් අතරේ හැමෝගේම ආදරය දිනා සිටිනා චරිතයක් හැටියට තමයි දිල්හානි වීරසිංහ කියලා කියන්නේ. හුගිය කාලයේ අහස් මාලිගා, හුස්මක් තරමට, සුසුමක ඉම වැනි ටෙලිනාට්‍ය හරහා දකින්න ලැබුණු ඇය මේ දිනවල ජාතික රුපවාහිනියේ විකාශනය වන සකල ගුරු ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයන් අතරට එනවා. ඉතින් ඇය ඇයගේ ජිවිතයේ අලුත්ම විස්තර ගැන අපිත් එක්ක කිවේ මෙන්න මේ වගේ අපුරු කතාවක්.

ඇත්තටම මගේ වෘත්තිය රංගනය නෙමෙයි. මම රාජ්‍ය සේවයේ වෘත්තියක නියැලෙනවා. ඒ අතරේ රංගන කටයුතුවලටත් දායක වෙනවා. මගේ ගම අනුරාධපුරය. අම්මයි, තාත්තයි. නංගිලා දෙන්නයි තමයි මට ඉන්නේ. තාත්තා ව්‍යාපාරිකයෙක්. කලාවට කවුරුත් සම්බන්ධ නැහැ. ඇත්තටම මාත් එක්ක සුහදව කතා කරන හැමෝටම සුහදශීලී චරිතයක්. කරුණාවන්තයි. වැඩක් බාර ගත්තම ඒ වැඩේ හරියට අකුරටම කරන කෙනෙක් මම. මගේ අරමුණ වුනේ හොඳට ඉගෙන ගන්න අතරේ රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට යාම. ඉතින් මම ප්‍රාසාංගික කලාවේදී උපාධිය ලබා ගෙන තවදුරටත් ඉගෙනීම් කටයුතුවල යෙදෙනවා.

කුඩා කාලයේ ඉඳලාම නර්තනය විෂයයක් විදිහට කළා. ඒ එක්කම පාසල් කාලයේදී රංගනයට යොමු වී සිටියා. උසස් පෙළට කළේ නාට්‍ය හා රංග කලාව සහ නර්තනයයි. පසුව ජාතික රූපවාහිනිය 2014 අවුරුදු කුමරිය තරගයට සහභාගි වුණා. ඉන් පසුව තමයි රංගනයට අවස්ථාව ලැබුණේ. කුඩා කාලයේ ඉඳලාම නර්තනය විෂයයක් විදිහට කළා. ඒ එක්කම පාසල් කාලයේදී රංගනයට යොමු වී සිටියා. උසස් පෙළට කළේ නාට්‍ය හා රංග කලාව සහ නර්තනයයි. පසුව ජාතික රූපවාහිනිය 2014 අවුරුදු කුමරිය තරගයට සහභාගි වුණා. ඉන් පසුව තමයි රංගනයට අවස්ථාව ලැබුණේ. ඉතින් ඒ වගේම මම ගොඩක්ම ආස පීනන්න. තව මම ඇවිදින්නත් ආසයි. ලස්සන තැන් බලන්න ආසයි. සීතල පළාත්වලට වගේම උඩුදුම්බර පළාතට ඉස්සර මගේ කැමැත්තක් තිබුණා. ඉස්සර මගේ අරමුණ වුණේ ගුරුවරියක වීමට. ඒත් දැන් ඒ අදහස රංගනය එක්ක ඉවත් කර ගත්තා.

අනෙක් අය වගේම මාත් මේ රටට ආදරෙයි. ලස්සන රටනෙ. ලංකාවට හැර ඉතාලියට ආසයි. මම හිනාවෙලා ඉන්න වගේම අනෙක් අයත් හිනාවෙලා ඉන්නවා දකින්න ආසයි. කේලම් ඕපාදූප වලට අකමැතියි. හිස් දේ කතා කරන්න අකමැතියි කියලයි මේ සුරූපී රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

01

02

Leave a Comment