Gossip

දරු සුරතල් බලන්න අසාවෙන් මමයි මහත්තයයි දෙන්නම ඉන්නේ. සිනෙති අකිලාගෙන් ඇහෙන කතාවක්.

අපේ රටේ ජනප්‍රිය චරිත අතරේ දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස තමයි අපි හැමෝම දන්නා කියන ඇය හඳුනාගන්නේ. ඒ තමයි සිනෙති අකිලා කියලා කියන්නේ. ඇය පහුගිය කාලයේ යුග දිවියට පිවිසුණා කියලත් මේ වනවිට නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේම ලංකාවේ ඉන්න දැවැන්ත සිනමාකරුවකු වන සෝමරත්න දිසානායකගේ සිරි පැරකුම් චිත්‍රපටයේ කලු එතනාගේ චරිතයෙන් තමයි ඇය සිනමා ක්ෂේත්‍රයට පය තබන්නේ. ඊට පස්සේ සරිගම චිත්‍රපටයේ ඕලු ලෙසටත්, රන් සයුර චිත්‍රපටයේ සදලිගේ චරිතයෙනුත්, සේයා චිත්‍රපටයේ මාලිගේ චරිතයෙනුත් ඇය ප්‍රේක්ෂකයන් අතරට ආවා.

කොහොම නමුත් මේ දිනවල මෙට්‍රෝ හීන ටෙලිනාට්‍යයේ සදලිගේ චරිතයෙන් ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය ඇයගේ අලුත්ම තොරතුරු ගැන පහුගිය දවසක පුවත්පතක් සමඟ කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.ඇත්තටම විවාහයෙන් පස්සේ මම කලාවෙන් ඈත් වුණා නෙමෙයි, විවාහ වෙනවාත් එක්කම තමයි කොරෝනා වසංගතය ලංකාවට බලපෑවේ. කොරෝනා වසංගත තත්වය එක්ක වැඩ ගොඩක් අඩු වුණා.

කරන්න හිටපු වැඩ නතර වුණා. වැඩ නොකර හිටියේ නැහැ. කඩින් කඩ කලා කටයුතුවලට දායක වුණා. කරපු වැඩ, චිත්‍රපට, ටෙලිනාට්‍ය ගොඩක් ඉස්සරහට එන්න තියෙනවා. මම මීට කලින් කරලා තියෙන්නේ පොඩි ළමයින්ගේ, අවුරුදු 16, 17 වයස්වල ළමයින්ගේ චරිත. සඳලි කියන්නේ අම්මා නැති ගෙදර මල්ලිට අම්මා කෙනෙක් වෙන අක්කෙකුගේ චරිතයක්.ආදරය කරන කාලෙදිවත් සැමියා මට රඟපාන්න එපා කියලා තහංචි දාලා නැහැ. ඔහු කවදාවත් මාව නීති රාමුවක් ඇතුළේ කොටු කරලා නැහැ. විවාහයෙන් පස්සේ කොහොමත් මගේ ජීවිතේ පළමු තැන දුන්නේ මගේ පවුලට.

විවාහ වෙන්න කලින් මම ගුවන්විදුලි සංස්ථාවේ සේවය කළා. එතැනින් පස්සේ රැකියාවට සමු දුන්නා. මොකද මගේ සැමියාගේ අම්මායි තාත්තයි දෙන්නාම නැහැ. මම එයාගේ ළඟින්ම ඉන්න ඕනෑ කියලා හිතුවා. විවාහයෙන් පසසේ ජීවිතේ ලොකු කාලයක් කැප කළේ මම එයා වෙනුවෙන්. දැන් විවාහ වෙලා අවුරුදු 2ක් වෙනවා. ඇත්තටම දැන් දරු සුරතල් බලන්න ආසාවෙන් අපි දෙන්නත් මේ ඉන්නේ. ඉතින් කල් අරින්නේ නැතුව මව් පදවිය ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි මේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

01

02

03

Leave a Comment