Gossip

අපිට වාසනාව උදාවුනේ දමිත් බඩට ආවට පස්සේ. දමිත් අසංකගේ අම්මා කියන කතාව

දමිත් අසංක මේ නම ඇහුවත් හිත නිවෙනවා කියන එක හැමෝම වගේ දන්නවා. ඔහුට ලංකාවේ ආදරණිය රසික රසිකාවියන් පන තරම් ආදරෙයි කිවුවොත් නිවැරදියි. ඔහුගේ ගීත අහන්න රසික රසිකාවියන් දක්වන්නේ ඉමහත් කැමැත්තක්. කාලයක් තිස්සේ ඔහු ප්‍රසංග වේදිකාවේ දැකගන්න ලැබෙන්නේ නැහැ. ඒ වරතමනයේ පවතින තත්වයත් නිසාවෙන්මයි.නිතරම මේ දක්ෂ ගායකයා දමිත් අසංක දකින්න ලැබුනේ නැහැ. ඔහු ගමට ගිහින් අම්මා බලාගෙන බිරිඳ සහ දරුවන් සමග ගොවිතැන් කටයුතු කරගෙන ඉතාමත් නිදහසේ ජිවත් වෙනවා.

නමුත් ඔහු දැන් වෙනස්ම විදියකට නැවතත් ඔබ අතරට එන්න සුදානම් මියුසික් බෑන්ඩ් එකක් සමගින්. ඒ දමිත් අසංක විත් මියුසික් මෙම්බර්ස් සමගින්. ඉතින් රසික රසිකවියනට නැවතත් ඒ හදවතේ සොදුරු ගායකයාගේ හඩ අසන්නට පුළුවන්. දමිත් අසංක කියන්නෙම නිවිච්ච තැන්පත් ආගමට දහමට ලැදි චරිතයක්. ඔහු කියන්නෙත් ඔහු සාමාන්‍ය මිනිසෙක් බවත් වැඩ කටයුතු කරන ගමන් ඉඩ ලද විටක බණක් බාවනාවක් කරන බවත්.

ඒ වගේම මෙතුවක් කාලෙකට ගාල්ලෙන් මාතරින් නුවරින් මිනිස්සු මාව බලන්න ආවා වැටුණු කාලේ රුපියල් දාහ දෙදාහ දීලා දමිත් අසංක වැටෙන්නේ නැතිවෙන්න මාව බලන්න මිනිස්සු ආවා. ඒ මිනිස්සුන්ට මන් පින්දෙන්වා. ඔහු දැන් ජිවිතේ ඉතාමත් සතුටින් ජිවිතේ ගෙවනවා. නැතිබැරිකම් තිබුනත් ඔහු පිනට දහමට ලැදියි. ඔහු කියන්නේ පුළුවන් උපරිම දේ කරනවා. ඒවා සමාජ මාධ්‍යයේ දාන්න අවශ්‍ය නැහැ කියලා. අම්මට හරිම ආදරේ පුතෙක් තමයි දමිත් කියන්නේ.මේ මහා පොලොව විශ්වය බුදුහාමුදුරුවන්ට තරම් අම්මට ආදරෙයි කියලයි ඔහු කියන්නේ. කෙනෙක් වැටුනොත් ඔහුට නැගිටින්න උදවු කරන්න කියලයි ඔහු ඉල්ලන්නේ.

ඒ නිහතමානී කමටයි ඔහුට මිනිසුන් ආදරය කරන්නේ. දමිත් අසංකගේ ආදරණිය මව වැඩසටහනකට ඔහු සමග සම්බන්ධ වෙමින් කියා සිටියේ. දමිත් පෙර පිනකට ලැබුණු සම්පතක් බවයි. ඔහුට තියෙන්නේ තාත්තගෙම කටහඩ බවයි. විවාහයෙන් පස්සේ සල්ලි කාසියක් හරි දැක්කේ දමිත් බඩට ආවට පස්සේ. එයා අවාම වාසනාව උදාවුනේ. ගෙයක් පොඩියට හරි හදාගත්තේ. පින්වන්ත කුමරෙක්. මගේ දරුවා බුදුවෙන්න ඕන. එයා ලැබෙන්න ඉද්දි මට ගොඩක් අසනිපවුනා. දරුවා ලැබෙන්න ඉද්දි තාත්තා ගෙදර එදා ඉදියේ නෑ එදා මාස 8ක් යනකන් දරුවා ඕනේ නෑ කියලා ඩොක්ටර්ලා කිවුවේ මට අමාරු නිසා. මම කිවුවා මට මොනවා උනත් දරුවා ඕන කියලා. එයා නැති කරේ නැති එක ගැන සතුටුයි. වාසනාවක් එයා. එයාගෙන් කාටවත් වරදක් නෑ. අම්මලාගේ ආදරේ එහෙමයි දමිත් ආදරණිය අම්මත් දමිත්ගේ පන හා සමානයි. අලුතෙන් ගමනක් යන දමිත් අසංකට අපි හවතින්ම සුබ පැතුම් එක්කර සිටිනවා.

Leave a Comment