Gossip

මට ගැලපෙන්නේ නැති ඇඳුම් නිසා මම චරිත ගොඩක් ප්‍රතික්ෂේප කළා, සංගීතේ.. මල්කඩේ මිස් කියන කතාවක්.

ඇත්තටම මම කලාවට සම්බන්ධ වීම අහම්බයක්. 2018 වසරේ මම දෙරණ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වුණා. එතැනදී මට වාසනාව ලැබුණා දෙරණ අවුරුදු කුමරිය ලෙසින් කිරුළු පලඳින්න. එතැනින් පස්සේ මට ලක්සිරි වික්‍රමගේ සර් තමා සංගීතේ නාට්‍යයට ආරාධනා ලැබුණා. මම නිළියක් නොවුණානම් එයාර් හොස්ටර් කෙනෙක් වෙන්න හිතන් හිටියේ. නමුත් ඇත්තටම අද නිලියක් වීම ගැන සතුටුයි. මේ වෙද්දී මග තොටේදී වුණත් මාව අඳුරනවා. ඒ මම රංගනයට ආව නිසානේ. ඒ නිසා සතුටක් තියෙනවා. අද හිතෙනවා එයාර් හොස්ටර් කෙනෙක් නොවී නිළියක් වුණු එක හොඳයි කියලා. ඉතින් ඒ වගේම මගේ දෙවැනි නිර්මාණය හිතුවක්කාර. එහි මගේ චරිතය වෙන්නේ ගුවනි.

මම හිතුවේ නැහැ සංගීතේ තුළින් ඒ තරම් ජනප්‍රියතාවක් මට ලැබෙයි කියලා. දැනටත් අලුත් ඩ්‍රාමා එකේ ට්‍රේලරයට බොහෝ දෙනා ආ මේ සංගීතේ මල් ගර්ල්නේ කියලා තමා කමෙන්ට් කරන්නේ. මම ඇත්තටම රඟපාන්න දන්නේ නැහැ අඩුපාඩු හදාගෙන කරගෙන ගියේ ඒ චරිතය. නමුත් ඒක මගදී නැවතුණා. දැන් මේ අලුත් නාට්‍යය තුළින් අඩුපාඩු හදාගෙන ඉස්සරහට හොඳට මගේ හැකියාවන් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ගුවනිගේ චරිතය සංගීතේ රන්දිමා වගේ නෙවෙයි ගොඩක් වෙනස් චරිතයක්. ගොඩක් අහිංසක සංවේදී ගැහැනු ළමයෙක්ගේ චරිතයක්. හිතුවක්කාර පෙම්වතෙක් එක්ක ආදර සම්බන්ධයක් පටන් ගන්නේ. ඒ ඔස්සේ තමා චරිතය ඉදිරියට යන්නේ. අවිෂ්කා සහ ගුවනි අතර සමානකම් තියෙනවා. නමුත් ගුවනි තරම්ම අහිංසක කෙනෙක් නෙවෙයි අවිෂ්කා කියන්නේ. හැබැයි අවිෂ්කාත් තමන්ගේ පාඩුවේ සරලව ඉන්න චරිතයක්. ඒ පැත්තෙන් බැලුවම සමානකම් තියෙනවා.

මේ ළඟදි ආවා හැමෝම දන්නා හින්දි චිත්‍රපටයක සිංහල නිර්මාණයකට මට ආරාධනාවක්. ඒකට නම් මම කැමති වුණේ නැහැ. තව එකක් ආවා එකේ මට නොගැළපෙන ඇඳුම් තියෙන නිසා ඒකත් ප්‍රතික්ෂේප කරා. ඉදිරියේදී හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් භාර ගන්නවා. මට තාම ආදරය කරන්න කෙනෙක් නැහැ. කලින් ආදර සම්බන්ධතාවක් තිබ්බා. ඒත් පෞද්ගලික ප්‍රශ්න එක්ක නැවතුණා. ඒ නිසා දැන් තනිකඩයි. හැබැයි ඒක එහෙම වුණ එක හොඳයි කියලා හිතෙනවා. දැන් මට නිදහස තියෙනවා කියලයි මේ සුරූපී රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

01

02

03

Leave a Comment