Gossip

මාතරින් කොළඹට ආපු සුරූපී නිලි සංජානා සැබෑ කරගත්ත හීනය.

සංජානා ඔනාලි ගමආරච්චි මේ නම ඇහුවම හැමෝගෙම මතකයට නැගෙන්නේ දඟකාර හැඩකාර කටකාර සුන්දර යුවතියක්. ඇය ගැන නොදන්නා කෙනෙක් නම් දැන් ලංකාවේ නැති තරම්. රංගනයෙන් මුළු රටේම ආදරය දිනාගත් සුරුපිනියක් තමයි සංජානා කියන්නේ. ඉතාමත් නිහතමානී පොලවේ පයගහලා ඉන්න කිසිම ආඩම්බර කමක් නැති චරිතයක් තමයි ඇය. විටෙක පුංචි තිරයේ පෙම්වතිය වෙන්නත් විටෙක පුංචි තිරයේ දඟකාර චරිත වලට පන දෙන්නටත් ඇය රංගනයෙන් දායක වුනා.

මේ දිනවල දිවිතුරා ටෙලි නාට්‍යයේ ටීනාගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැන ඔබ සැවොම දන්නවා. වෙනස්ම විදියේ චරිතයක්. දගකාර සුරතල් චරිතයක් තමයි ටීනා කියන්නේ. මේ චරිතයේ තියෙන හුරතල් බව නිසාම ටිනාට ප්‍රේක්ෂකයින්ගේ ආදරය න්පදුව්ම ලැබෙනවා. ඒ වගේම වයස් භේදයක් නැතිව ඒ චරිතයට ආදරය ලැබෙනවා. ඒ වගේම ඉන්ටර්නැසනල් හරහා ඇය ආදරණිය අම්මා කෙනෙකුගේ චරිතයකටද රණගනයෙන් දායක වෙනවා,

ඕනෑම චර්තයකට උපරිම සාධාරණයක් ඉටුකරන්න මේ සුරුපිනියට හැකියාව තිබෙනවා.රංගන ක්ෂේත්‍රයේ වගේම නිරූපන ක්ෂේතරයේද ඇය කටයුතු කරනු ලබනවා. සංජානා තවම තනිකඩ ජිවිතයක් ගතකරන්නේ. ඇය තාත්තා සහ නැඟී එක්ක තමයි ජිවත් වෙන්නේ. ඇයගේ අම්මා පිළිකා රෝගය නිසා නික්ම ගියා. එදා පටන ගෙදර නංගිට අම්මා වෙලා තාත්තට හොද දුවෙක් වෙලා ඇය ජීවිතය ගෙවනවා.

ඇය මාතර. මාතර ඉදන් කොළඹ ඇවිත් නිලියක් වුන ඇයගේ හිතේ තිබුන හීනයක් තමයි කොඅලම්බින් පොඩි ගෙයක් ගන්න එක ඉතින් පසුගිය දිනෙක ඇය නිවසක් අරගෙන එහි සුබ මොහොතින් පදිංචි වුනා. හා හා පුරා කියා දකුණු කකුල පෙරට තියා ගෙට මුලින්ම ඇතුළු වුනේ සන්ජානාගේ ආදරණිය තාත්තා. ඉතින් සෙත් පිරිත් කියලා කිරු උතුරලා සුබ මොහොතින් ගෙට ගෙවදුනේ කාලයක් තිබුනේ ඇයගේ සිහිනය සැබෑ කරගනිමින්. අපිත් ඇයට හදවතින්ම සුබ පැතුම් එක්කරනවා. අලුත් නිවසේ ඔවුන්ගේ සතුට හැමදාමත් රදේවා කියා.

Leave a Comment