Gossip

මම රංගනයෙන් සමුගන්නවා. බිරිඳ මට වඩා දක්ෂයි. ජනප්‍රිය නළු පුබුදු කියයි.

පුබුදු චතුරංග ඔහු වර්තමාන කලා ක්ෂේත්‍රයේ ඉන්න අති දක්ෂ ජනප්‍රිය කඩවසම් සුපිරි නළුවෙක්. ඔහු මෙරට සිනමාවේ සිටින තරුණය නියෝජනය කරන චරිතයක්. එදා වගේම අදටත් ඔහුට සිනමාවේ ලොකු ඉල්ලුමක් තියෙනවා. පුබුදු කියන්නේ අබියෝග වලට මුහුණ දෙන්න කැමති ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්න වෙහෙස මහන්සි වෙන දක්ෂ චරිතයක්. ඔහුගේ රංගනය තුල ඔහු එම චරිතයට උපරිම සාධාරණයක් සිදුකරනවා.

චැලෙන්ජර්ස් සිනමා නිර්මාණය ඔහුගේ ජිවිතයේ හැරවුම් ලක්ෂයක් බවට පත්වෙනවා. අදටත් චැලෙන්ජර්ස් සිනමා පටයට ප්‍රේක්සහ්කයින් ආදරය කරනවා. පුබුදු බොහෝ සිනමා නිර්මාන ප්‍රමාණයකට රංගනයෙන් දායක වී තිබෙනවා. ඔහු සිනමා නළුවෙක්. ඒ වගේම ඉතාමත් කඩවසම් නළුවෙක්. තරුණියන්ගේ ආකර්ශනය නොඅඩුවම ලබන නළුවෙක්.

ඔහු දැන් විවාහකයි. ඔහුගේ බිරිඳ වන්නේ මාෂි සිරිවර්ධන මාෂි ගැනත් දැන් නොදන්නා කෙනෙක් නැති තරම්. මාෂි රංගන ශිල්පිනියක් දැන්. ඒ වගේම ඇය චෙෆ් කෙනෙක්. ඉතාමත් සුන්දර බිරිඳක් තමයි පුබුදුට සිටින්නේ. මාෂි කලාවට හදුන්වා දෙන්නේ චන්න පෙරේරා විසින් මාශිගේ හිතේ ඉදපු හීරෝ තමයි පුබුදු කියන්නේ. ඉතින් කොහොම හරි හිරෝව සැමියා කරගන්න වාසනාව ඇයට උදාවුනා. මේ වෙද්දී ඉතාමත් සුන්දර ආදරණිය ජිවිතයක් ගත කරනවා.

ප්‍රථම වරට පුබුදු සහ මාෂි එකට සිනමා නිරමනයක රංගනයෙන් දායක වෙනවා. ඒ නිහඩ සෙවනැලි චිත්‍රපටයේ. පුබුදු සමගින්ම තමයි මාශිට රංගනයේ යෙදෙන්න අවස්ථාව ලැබෙන්නේ. තරමක් බය හිතුන බවත් මාෂි කියා සිටියා. එයා ගොඩක් දක්ෂයි. එයා එක්ක රගපාන පලවෙනි වතාව. සැමියා බිරින්ද නෙවෙයි රගපද්දී අපි හොද යාළුවො අපි දෙන්නාට එකට රගපාන්න තිබුන එක පහසුයි. මාෂි දක්ෂයි ඒ වැඩේ කරා. මාෂි මට වඩා දක්ෂයි . පුබුදු වරක සිනාසෙමින් කියා සිටියේ මම රංගනයෙන් ඉවත් වෙනවා. බිරිඳ හොදයි ඒකට. එයා මට වඩා දක්ෂයි කියලා. ඉතින් වෙනස් විදියේ අත්දැකීමක් කියලා තමයි පුබුදු සහ මාෂි ඔවුන්ගේ අලුත්ම සිනමා නිර්මාණය ගැන කියා සිටියේ.

Leave a Comment