Gossip

මට බඳින්න කොල්ලෙක් නැහැ, මේ ජිවිතේ සැපයි විවාහයක් ඕන නෑ මට.

මියුසික් වීඩියෝ තුලින් ජනප්‍රියත්වයට පත්වී මේ වනවිට රටේම ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් සහ නිරූපන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරන ශෂී ඇන්ජලිනා අපට නුහුරු නුපුරුදු කෙනෙක් නෙවෙයි. ආකර්ශනීය රූපයක් සහ හොඳ දක්ෂතාවයක් ඇති නිසාම කලාවේ ඉදිරියට යන්නට ඇයට හැකියාව ලැබිලා තියනවා.

නිරූපිකාවක් කියලා කිව්වම අද සමාජයේ මිනිස්සු බලන විදියට නම් ශෂී කොහොමත් කැමති නැහැලු. එහෙම වෙලා තියෙන්නේ මේ ක්ෂේත්‍රය තුල සිටින සුලු පිරිසසක් විසින් කරන දේවල් නිසා කියලයි ඇයගේ අදහස වෙන්නේ.

ශෂීට තවම පෙම්වතෙකුත් නැහැලු. විවාහ වෙන්න අදහසකුත් නැහැලු. ශෂීට ඕනෙ අම්මවයි මල්ලිවයි බලාගෙන පුරුදු විදියට ජීවත් වෙන්නලු. ආදරය නිසා සෑහෙන මානසිකව දුක් වින්දලු. දැන් නම් ආයේ මේ කවුරු ආවත් පිළිගන්න හිතෙන්නෙ නැති තරමට ශෂීට තියෙන්නෙ ඒ අය ගැන පිළිකුලක්.

මට විවාහ වෙන්න බලාපොරොත්තුවක් නෑ. මම ගොඩක් ආදරය කළා. ඒ නිසා මට අහිමි වෙච්ච දේවල් ගොඩායි. ඉතින් දැන් මේ විදියටම ඉන්නවා. ශෂීගේ තවත් චායාරූප පහතින් නරඹන්න.

Leave a Comment