Gossip

14වන විවාහ සංවත්සරය සමරමින් හරින්ද්‍ර ජයලාල් තැබූ සටහන.

නිවේදකයෙක් වෙනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. මිනිසුන්ගේ හදවත්වලට දැනෙන්න කතාකරන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ පෙර පිනකට. ආකර්ශනිය හඩක් හිමි ලංකාවේ හැමෝගෙම ආදරය දිනු ජනප්‍රිය නිහතමානී නිවේදකයෙක් තමයි හරින්ද්‍ර ජයලාල් කියලා කියන්නේ. ස්වර්ණවාහිනියෙන් ප්‍රේක්ෂකයා අතරට පැමිණි මේ නිවේදකයා දැන් යු ටියුබ් හරහා ප්‍රේක්ෂකයා අතරට එනවා. හරින්ද්‍ර ජයලාල් යු ටියුබ් චැනලය හරහා ඔහු ලොකු සේවයක් කරනවා.

ඒ අතරින් පෝදා සුදහම් සබාව සුවිශේෂී වෙනවා. හරින්ද්‍ර කියන්නේ ආදරණිය සැමියෙක් ඒ වගේම ආදරණිය තාත්තා කෙනෙක්. සුන්දර ආදරණිය බිරිඳක් ඔහුට සිටිනවා. ඒ වගේම පුතත්. මෙයාලා එක්ක ඉතාමත් ආදරණිය ජිවිතයක් ඔවුන් ගත කරනවා. ඊයේ දිනය හරින්ද්‍රට සුවිශේෂී වෙනවා. ඒ ඔවුන්ගේ විවාහ සංවත්සරය නිසා.

14වන විවාහ සන්වතසරය ඔවුන් ඊයේ සමරනු ලැබුවා. ඒ වෙනුවෙන් ආදරණිය සටහනක් ඔහු සමාජ මාධ්‍යට එක්කර තිබුනේ මෙලෙසින්, බැදී දෑගිලි වලට 14 වසරක් අදට.. කාලයේ ගිරිශිකර මඩ ගොහුරු අඩුවක් නැතුව.. හමුවෙද්දී නුඹ සිටියා අත්නොහැර යන්නැතුව.. අත්වැලක් නුඹ තරම් තවත් නෑ මා සතුව.. රත්තරං තවත් දුර මෙහෙම යමු එකමුතුව.. ඉතින් හරින්ද්‍රටත් ආදරණිය බිරිඳටත් සුබ විවාහ සංවත්සරයක් වේවා කියා අපි හදවතින්ම සුබ පතන්නෙමු.

Leave a Comment