Gossip

අප්පච්චිට බැරි වුණු තැනට මගෙ මැණික ගියා, චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ ආදරණිය සටහන.

අපේ සංගීත ක්ශේෂ්ත්‍රය තුල ඉන්න දක්ෂ, ප්‍රවීන ගායකයෙක් තමයි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නේ. ඔහුගේ ගීත අතර ගොඩක් දෙනෙක් ආදරය කරන ගීත කිහිපයක් විදියට ටික කලක සිටන්, මල් මල් විලේ, යෙහෙලියක සේ වැනි ගීත ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රියයි.

ශ්‍රී ලාංකීය ගායන ක්ශේෂ්ත්‍රය තුළ ගායකයන් අතරින් හරිම රහට අහන් ඉන්න පුලුවලුවන් කටහඩක් හිමි ගායකයෙක් වෙන මෙම ජ්‍යෙෂ්ඨ ගායකයා වර්තමානයේ බිහිවෙන ගායන තරු වලට ලොකු ආදර්ශයක්. ඉතින් එතුමාගේ ආදරණීය දියණිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව හා සමාජීය විද්‍යාපීඨයේ සමාජ සංඛ්‍යාන ගෞරව උපාධිය ලබා ගෙන තිබුණා. ඉතින් මේ ගැන චන්ද්‍රසේන හෙට්ටිආරච්චි අපේ ආදරණීය ගායන ශිල්පියා මුහුණු පොතට සටහනක් හා එහි ඡායාරූප කිහිපයක් එක් කර තිබුණා. ඇයට උණුසුම් සුබ පැතුම් අපි ප්‍රාර්ථනා කරමු.

Leave a Comment