ආදරය කියන උතුම් හැගීම එක්ක ජිවිතේ සතුට දෝතින්ම තුරුලු කරගන්න පුළුවන්. එවන් උත්තරීතර හැගීමක් එක්ක ප්‍රසිද්ද වෙන ආදර කතා කලා ලෝකයේත් නැතුවාම නොවෙයි. කාලයෙන් කාලයට ආදර කතා කලා ලෝකයේ මතු වෙනවා. මේ කියන්න යන්නෙත් මේ දිනවල හැමතැනම හැමෝම කතාවෙන අලුතම ආදර කතාවක් ගැන. මේ ආදර කතාව මිසා තරුණයන්ගේ සහ තරුණියන් දෙපාර්ශවයේම හීන බොදවෙලා කිවුවොත් හරි. කලා තරු වලට හිතින් පෙම් කරන රසික රසිකාවියන්ට තරමක් එය දුක්බරයි.
දිල්කි උරේෂා කිවුවම මතකයට ලැබෙන්නේ හරිම හුරුබුහුටි ලස්සන ගායිකාවක්. ඇය හරිම ආදරණිය චරිතයක් වගේම තැන්පත් චරිතයක්. ගායන ලෝකයේ ජනප්‍රියම තරකාවියක්. ඒ හඩට ආදරය කරන පිරිස නම් බොහෝමයි. ඇයගේ ගීත කෙතරම් ඇසුවත් එපා වෙන්නේ නැහැ කිවුවොත් නිවැරදියි. ඒ ඇයගේ මිහිරි හඩ නිසාවෙන්මයි. ලංකාවේ ලොකු පොඩි හැමෝම වගේ ඇයට ආදරය කරනවා. ඒ වගේම ඇය ඉතාමත් නිහතමානී චරිතයක්.

සංජය මුරමුදලිගේ කියන්නෙත් ලංකාවේ ඉන්න දක්ෂ නළුවෙක්. සම්මානනීය නළුවෙක් ලෙසත් ඔහුව දැන් හදුන්වන්න පුළුවන්. නළුවෙක් වුන ඔහු දැන් නිරූපන ශිල්පියෙක් ලෙස හදුන්වන්නත් පුළුවන්. නිතරම දැන් ඔහුව ෆොටෝ ෂුට් වල දැකගන්න පුළුවන්. අමුතු රසිකයා තුලින් ප්‍රේක්ෂකයාගේ ආදරයට පාත්‍ර වූ ඔහු සැබෑම දක්ෂයෙක්. ඔහු නර්තනයටත්ත් ඉතාමත් දක්ෂයි. ඔහු හිරු මෙගා ස්ටාර් වේදිකාවේ දක්ෂ නර්තන තරුවක් බවට පත්වුනා. ඒ වගේම තාදී ටෙලි නටයයේද ඔහු ජනප්‍රිය තරුවක් බවට පත්වුනා.
දිල්කි කාලයක් පෙම්වතියක් වෙලා ඉදියත් පසුව ඇය පෙම්වතියක් නොවෙයි කියා ඇය කියා තිබුනා. කාලයක් ඇය සහ ස්මොකියෝ අතර සම්බන්ධයක් තියෙනවා කියලත් කටකතා හැදුනා . නමුත් මෙවර ඇය ජනප්‍රිය නළු සංජය මුරමුදලි එක්ක කරපු ෂුට් එකක් නිසා ඔවුන් පෙම්වතුන් කියලා දැනගන්න ලැබුනා. මේ කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් බොහෝ දෙනා කියන්නේ මේ දෙන්නා පෙම්වතුන් කියලා තමයි. ඔවුන් දෙන්නාගේ ආදරණිය චායාරූප එකතුවක් තමයි මෙලෙසින් දැකගන්න ලැබෙන්නේ. ඉතින් මේ ආදර කතාව ඇත්තක් නම් අපිත් ඔවුන්ට හදවතින්ම සුබ පතනවා. ඉදිරි ජිවිතේ සුබ වේවා කියලත් පෙම් කතාව ලස්සන සුන්දර වේවා කියලත්.
Leave a Comment