ධරණී ටෙලි නාට්‍යයේ විනුලිගේ චරිතය හරහා බොහෝ ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත්ත සුරූපී නිලි ඩිලූෂි හංසිකා මේ දිනවල සැලෙනා නුවන් ටෙලිනාට්‍යයේ වර්ෂාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඒ වගේම රංගන ශිල්පිනියකට අමතරව ඇය දැන් නිවේදන ශිල්පිනියක් විදිහටත් කටයුතු කරනවා.

ඉතින් 2020 දෙරණ අවුරුදු කුමරිය කිරුළ හිමිකරගැනීමත් සමඟ තමයි ඇයට රංගන ක්ෂේත්‍රයට පය තැබීමට වාසනාව හිමි වුනේ. ඉතින් ඒ වගේම ඇය දන්න තරමින් මාෂල් ආර්ට් කලාව සඳහා කාන්තාවන් යොදා ගෙන කළ පළමු නිර්මාණය තමයිලු ධරණී කියලා කියන්නේ. ඒ වගේම ඇය නර්තනය හදාරලා තිබුණු නිසා ඇයට එම සටන් කලාව අල්ල ගන්න පහසු වුණා කියලත් ඇය කියනවා. ඒත් පුහුණු වෙනකල් හරි ටෙක්නික්ස් අල්ල ගන්න කල් කොතරම් පරිස්සමට කළත් පොඩ්ඩ එහෙ මෙහෙ වෙද්දි ඇත්තටම වදිනවා කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ වැදිච්ච පාරවල්වලට අදටත් ඇයගේ කකුලේ ලප කැළැල් තියෙනවාලු. ඉතින් මාස දෙකක් විතර පුහුණුවීම් කළත් විනුලි කියන්නේ ඇයට වාසනාව ගෙනාපු ඇයගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කියලයි ඇය කියන්නේ. ඒ වගේම අදටත් ප්‍රේක්ෂකයා ඇයව අඳුනන්නේ ධරණී එකේ කරාටේ ගහගනිපු විනුලි විදියටයි.ඉතින් රංගනයට අමතරව ඇය දැන් Colombo Food gride කියන යූටියුබ් නාලිකාවේ නිවේදිකාවක් විදියටත් වැඩකරනවා. ඒ වගේම සිරස නාලිකාවේ වොයිස් වැඩසටහනේ නිවේදිකාවක් විදියටත් ඇය කටයුතු කරනවා.

කොහොම නමුත් ඇය තවම ආදරවන්තියක් නම් නෙවෙයි. ඉතින් ඇය ගෙදරින් ලැබෙන ආදරයත් එක්ක ගොඩක් සතුටින් ඉන්න කෙනෙක් කියලයි ඇය කියන්නේ. ඒ නිසා ගෙදරට විරුද්ධව නම් කිසිම දෙයක් ඇය කරන්නේ නැහැලු. ඉතින් දියණි එකේ වගේ එච්චර තඩි කරුමයකට කරගහන්න තරම් නම් ඇය පව් කරලා නැතුව ඇති කියලත් ඇය කියනවා. ඒ වගේම හොඳ කෙනෙක් හම්බවුණොත් හෙට හරි බඳිනව කියලලු ඩිලූෂි හිතාගෙන ඉන්නේ. ඒත් ක්ෂේත්‍රයේ කෙනෙකුට නම් ඇයගේ කැමැත්තක් නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.
Leave a Comment