Gossip

හේමාල් රෝසපාට දුවෙක් ගේනවට කැමතියි. හෙමාල්ගේ අම්මා කියයි

හේමාල් රණසිංහ කියලා කියන්නේ. ලංකාවේ තරුණියන්ගේ සිහින කුමරා. ඒ තරමටම ඔහුට හැමෝම කැමතියි. ඔහුගේ පෙනුමට කතාවට ඒ හැසිරීමට මේ හැමදේටම හැමෝම කැමතියි. ඔහු කඩවසම් තරුණයෙක්. ලංකාවේ ඉන්න කඩවසම්ම නළුවා කියලා ඔහු හැදින්වුවත් වරදක් නැහැ. හේමාල් කියන්නේ හැමෝම එක්ක සුහදව ඉන්න නිහතමානී නමක් තියගෙන ඉන්න චරිතයක්. ඉතින් මෑතකදී ඔහු ගැන නොෆ්දත් තොරතුරු ඔහුගේ ආදරණිය මව විසාකා චිත්‍රාංගනී මැදිවක. වලව් පලන්තියක පුංචි මැණිකේ කෙනෙක් තමයි ඇය. ඒ වගේම ආයුර්වේද වෛද්‍යවරියක්.

හේමාල් කියන්නේ පුංචි කාලේ ඉදලම දගයෙක් කියලා තමයි හෙමාල්ගේ අම්මා කියන්නේ. හේමාල් ඉපදෙද්දී හේමාල් දුවෙක් කියලා තමයි අම්මා කලින් හිතන් ඉදලා තියෙන්නේ. ඒ වුනාට ලැබුනේ පුතෙක්. ගෙදර රෝසපාටින් සරසලා දුවෙක් අරන් එන්න තමයි අම්ම බලන් ඉදලා තියෙන්නේ. කොහොම හරි ලැබුනේ මේ අම්මට පුත්තු තුන්දෙනෙක්. හේමාල් ලැබුනම ඩොක්ටර් කිවුවලු දුක්වෙන්න එපා අම්මේ මේ පුත්තු තුන්දෙනා දවසක ලස්සන දුවලා තුන්දෙනෙක් ගෙනෙයි කියලා. හේමාල් හම්බවුනේ අදිරිනිති දාලා තිබුන කාලෙක පොලිස් ජීප් එකෙන් හොස්පිටල් එකටත් ගියේ.

හේමාල් දඟයා කවදත් පුටුවක වාඩිවෙලා ඉස්සරහින් බහින්නේ නා. උඩින් බහින්නේ එයා. ඒ වුනා හරිම හොදයි අයියලා දෙන්න එක්කම ඉදියේ. මොන දේ උනත් එයා කියනවා බොරු කියන්නේ නෑ. ඉස්සර එයා මෙසේ උඩ නළු නිළියන්ගේ රූප තියාගෙන ඉන්නවා. එත හිතුවේ නෑ නළුවෙක් වෙයි කියලා. මම කැමතියි ඩොක්ටර් කිවුවා වගේ හේමාල් රෝසපාට දුවෙක් ගේනවට . ඉස්සර අම්මා ඔයා හොයන්න කිවුවා. දැන් මම බදින්නේ නෑ කියනවා. මම කැමති නෑ මේ ෆීල්ඩ් එකේ කෙනෙක් එයා බදින්වට ආගමට දහමට ලැදි ගුණ ගරුක එයා ගැන අවබෝධයක් තියෙන ලේලියෙක් නෙවයි දුවෙක් ගෙනාවට කැමතියි කියලා ඇය අවසාන වශයෙන් කියා සිටියා.

Leave a Comment