Gossip

හැමෝම හැමතැනම හොයපු පේෂල සහ සංජානාගේ අලුත්ම ආදර කතාව.

පේෂලා මනෝජ් කියන නම අහපු ගමනම මුවගට එක්වන්නේ සිනහවක්. ඔහු නිසා සිනහවෙන් පුද්ගලයින් බොහොමයි. ලංකාවේ ඉන්න දක්ෂ කලාකරුවෙක් තමයි ඔහු. ඒ වගේම ලංකාවේ ඉන්න දක්ෂ වාදකයෙක් ලෙසද ඔහුව හදුන්වන්න පුළුවන්. ඔහු අතිදක්ෂ තබ්ලා වාදකයෙක්. ඒ වගේම දක්ෂ ගායන ශිල්පියෙක්. ඔහු ලංකාවේ ඉතාමත් ජනප්‍රිය චරිතයක්. සිනහවෙන් විහිළුවෙන් ආදරයෙන් කාලය ගත කරන නිහතමානී චරිතයක්. ඔහු දැන් ආදරණිය තාත්තා කෙනෙක්. දරු දෙදෙනෙකුගේ සුරතල් විදින ආදරණිය තාත්තා කෙනෙක් . ඔහු පුර්නිකා සමගින් ඉතාමත් සුන්දර විවාහ ජිවිතයක් ගත කරනවා.

දෙරණ චැම්පියන් ස්ටාර් වේදිකාවෙන් තමයි ඔහු මුළු රටක් හදුනා ගන්නේ. ඔහුගේ ප්‍රහසනාත්මක කතාබහට හැමෝම වගේ කැමතියි. වයස බේදයකින් තොට්රව හැමෝම ඔහුට ප්‍රිය කරන්නේ ඒ නිසයි. ඔහුගේ ගීතද ඉතාමත් මිහිරියි. ඔහුට දැන් පුංචිම පුතෙකු ඉන්නවා. ඔහු තමයි අභිමන්යු තාත්තා වගේ දවසක ලංකාවේ ජනප්‍රිය තරුවක් බවට ඔහුත් පත්වේවි. පුර්නිකා කියන්නෙත් ලංකාවේ ඉන්න දක්ෂ නිවෙදික්වක්. ඉතින් ඉතාමත් සතුටින් දරු දෙදෙනා එක්ක මේ දෙදෙනාසුන්දර ජිවිතයක් ගත කරනවා.

සංජානා කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියම නිලියක්. ඒ වගේම හරිම ආදරණිය චරිතයක්. තරමක් දඟකාර කටකාර නිලියක් කියලා කියන්නත් පුළුවන්. දිවිතුරා ටෙලි නාට්‍යයේ ටීනා ලෙසින් ඇය රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම ඉන්ටර්නැසනල් ටෙලි නාට්‍යයේ චාරුනිගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක් ලෙසත් ඇයව හදුන්වන්න පුළුවන්. ඉතාමත් රූමත් තරුණියක් වන ඇය තවමත් තනිකඩ ජිවිතයක් තමයි ගත කරන්නේ.

ජනප්‍රිය ගායක පේෂල මනෝජ් සහ සංජානා පල්ලියක් තුල විවාහ වන චායාරූප එකතුවක් මේ දිනවල සමාජ මධ්‍යයේ හුවමාරු වෙනවා. පේෂල ආයේ විවාහ වෙලාද කියලත් හැමෝම අහලා තිබුනා. ඒත් ඇත්තටම මේක ෂුට් එකක් කියලයි අපිටනම් දැනගන්න ලැබුනේ.මේ දෙන්නගේ අලුත් වැඩක් කියලා තමයි මේක වාර්තා වෙන්නේ. ඉතින් ප්‍රේක්ෂකයින් තරමක් මවිත කල සිදුවීමක් බවට මෙය පත්වුනා. creative focus photogrphy විසින් තමයි මේ සොදුරු අවස්ථාව කැමරා කාචයට හසුකර ගෙන තිබුනේ.

Leave a Comment