බුවිනි චාපා දියලගොඩ. මේ නම දැන් ගොඩක් අයට නුහුරු වෙන්නත් පුළුවන්. ඒ ඇය ඉස්සර වගේ දැන් පුංචි තිරයේ නිතරම දක්නට නොලැබෙන නිසා. බුවිනි කියන්නේ. පුංචි තිරයේ හිටපු දඟකාර හැඩකාර රංගන ශිල්පිනියක්. එයා ඉන්න තැන සිනහව උතුරනවා. ඒ වගේම එයා නිතරම විනෝදයෙන් ඉන්න කැමති හරිම ප්‍රියමනාප චරිතයක්. ගතිගුණ අතින් බැලුවත් ඇය හරිම නිහතමානී චරිතයක්. ඇයට ඉන්නේ අක්කයි මල්ලියි. අක්කත් කලාවේ ලොකු ගමනක් ආපු දක්ෂ රංගන ශිල්පිනියක් ඇය වත්සලා දියලගොඩ. මල්ලිනම් කලාවට සම්බන්ධ වෙන්නේ නැහැ.
බුවිනි විවාහයෙන් පස්සේ කලාවට සමුදෙනවා. එය ප්‍රේක්ෂකයින්ට දුකක් වුනත් ඇය ඒ තීරණය ගන්නවා. බුවිනි විවාහ වෙන්නේ සුපිරි ව්‍යාපාරිකයෙක් එක්ක. ඔහු කාර් සේල් හිමිකරුවෙක්. කාර් එකක් ගන්න ගිහින් කාර් සේල් එකේ අයිතිකාරයා කසාද බැඳ කියලා තමයි ගොඩක් දෙනා කියන්නේ. දැන් සැමියාගේ බිස්නස් වැඩ වලටත් උදවු කරමින් ඇය සැප ජිවිතයක් ගෙවනවා කියලා කිවුවොත් හරියටම හරි.
සැමියාගේ ආදරයත් එක්ක ජිවිතේ ලස්සනට සුනදරට ගෙවන්න ඇයට වාසනාව හිමිවෙලා තියෙනවා. කලාවෙන් ඈත් වුනත් අදටත් ඇයට ප්‍රේක්ෂකයන්ගේ ආදරයේ නම් අඩුවක් නැහැ.
Leave a Comment