කාලයක් ලංකාවේ අංක එකට ජනප්‍රිය වෙලා හිටපු සුන්දර රංගන ශිල්පිනියක් තමයි සුලේඛා ජයවර්ධන කියන්නේ. ඉතින් කාලයක් තිස්සේ කළා නිර්මාණ හරහා පේන්න නැති සුලේඛා සමගයි අද අපේ කතාබහ.
බිරිඳක් සහ මවක් විදියට ගෙදර වැඩත් වැඩි නිසා රංගනයෙන් ඉවත් වෙන්න තීරණය කළා. හැබැයි එක කැමැත්තකින් ගත්තු තීරණයක් නෙවෙයි, කලාවට මම ගොඩක් ආදරෙයි.

මටනම් අපි අද විවාහ වුනා වගේ දැනෙන්නේ මොකද අශෝක කියන්නේ හරිම ආදරණීය චරිතයක්, අපි දෙන්නා විවාහ වුනේ ආදර සම්බන්දයකින්. ඇත්තටම අශෝක ළඟ ගොඩක් හොඳ ගතිගුණ තියෙනවා, මම මිනිහට යටත් වෙලා ඉන්න කැමති කෙල්ලෙක් නෙවෙයි.
හැබැයි අශෝක මට මේ වෙනකන් කිසිම නීතියක් දාලා නෑ, සමහර පිරිමි විවාහ වුනාට පස්සේ අරක කරන්න එපා මේක කරන්න එපා කියලා බිරිඳට පුදුමාකාර විදියට නීති ගොඩක් දාලා හිර කරනවා ඒ අතින් බලද්දී අශෝක කියන්නේ රන් කඳක්.


Leave a Comment