රංගන ක්ෂේත්‍රයේ තුල ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්ත චරිත බිහිවෙනවා. ඒ රංගනය නිසාම නෙවයි. ඔවුන්ගේ ගතිගුණ නිසාවෙන්. ඔවුන්ගේ හැසිරීම නිසාවෙන්. පිස්සු වැඩ කරලා නිතරම සිනහවෙන් ආදරයෙන් විනෝදයෙන් ඉන්න කෙනෙක් ආශ්‍රය කරන්න හැමෝම කැමතියි. එහෙම අයට හැමෝම කැමතියි. ලෝචනා ඉමාෂි කියන්නේ ඒ වගේ නිලියක්. ලෝචනා කියන්නේ පිස්සුවක් කිවුවත් වරදක් නැහැ. හරිම ආදරණිය චරිතයක්. එයා ඉන්නකොට පාළුවක් නැහැ.
සිනහවෙන් දඟකාරකම් වලින් පිස්සු වැඩ වලින් හැමෝම සතුටු කරවන කෙනෙක්. ඒ නිසා තමයි එයාට හැමෝම කැමති. ලෝචනා කියන්නේ නිලියක්. ඒ වගේම නිවේදිකාවක්. හොද කතන හැකියාවක් ඇයට තියෙනවා. ලෝචනා කියන්නේ කඩවසම් පුතෙකුගේ අම්මා කෙනෙක්. පුතා සහ සැමියා ඉන්නේ නෙදර් ලන්තේ. එයාලා එහෙ තියලා කාලයක් මෙහෙ හිටිය ලෝචනා ආයේ නෙදර්ලන්තයට ගිහින්. දැන් පුතා ලොකුයි එයාට උගන්වන්න තියෙනවා කාරාටි පන්ති යවන්න ඕන. එයා ලගින්ම ඉන්න ඕන ඒ නිසා එයා ලගට ආවා කියලයි ලෝචනා කියන්නේ.
පුතා සහ සැමියා එක්ක මේ දිනවල ඇය සතුටෙන් කාලය ගත කරනවා. ඇයගේ ආදරණිය අක්කා බලන්නත් ඇය පුතා ආශා සැමියා එක්ක ඉතාලියට ගිහිල්ලත් තිබුනා. කොහොම නමුත් සැමියත් කැමති ලෝචනා එහෙ ඉන්නවට කියලා තමයි ලෝචනා කියන්නේ. ඉතින් ලංකාවට එන දවසක් කියන්න බෑ කියලයි ලෝචනා කියන්නේ. ඉතින් එයා නෙදර්ලන්තේ එයාගේ පුංචි පවුල එක්ක ජීවිතය ගත කරන්න තමයි සුදානම් වෙන්නේ.
Leave a Comment