Gossip

හරීන්ද්‍ර ජයලාල් සුරූපී බිරිඳගේ උපන්දිනයට එක්කල ආදරණිය සටහන.

හරීන්ද්‍ර ජයලාල් මේ නම නම් ලංකාවේ හැමෝම දන්නවා. ලොකු පොඩි හැමෝම වයස් භේදයකින් තොරව මේ ආදරණිය නිවෙදකයාව හදුනනු ලබනවා. ඔහු සැබවින්ම දක්ෂ නිහතමානී ආදරණිය හදවතේ රැදී නිවේදකයෙක් කියලා කිවුවොත් හරියටම හරි. හරින්ද්‍ර කටහඩින් වචනයෙන් ප්‍රේක්ෂක සිත් සොරා ගැනීමට ප්‍රේක්ෂකයාගේ හදවත් වලට කතාකිරීමට දක්ෂක්. නිවේදකයෙක් වෙනවා කියන්නේ පහසු කටයුත්තක් නෙවෙයි. ඒ අතරින් ජනතාවගේ හදවතේ නිවේදකයෙක් වෙනවා කියන්නේ අපහසු දෙයක්. හරින්ද්‍ර කියන්නේ මුළු ලංකාවටම ඉන්න වටිනා දක්ෂ නිවේදකයෙක්.

ඔහුගේ හැකියාව වගේම ඒ ප්‍රියමනාප බව නිහතමානී බව නිසාම ලැබෙන ප්‍රේක්ෂක ආදරය දිනෙන් දින වැඩි වෙනවා. ඔහු ආදරණිය සැමියෙක්. ඒ වගේම ආදරණිය තාත්තා කෙනෙක්. කඩවසම් පුතෙකු ඔහුට සිටිනවා. ඔහුගේ ආදරණිය බිරිඳ ඇය තමයි පවිත්‍රා ගලප්පත්ති. හරිම සුන්දර ඒ වගේම ආදරණිය චරිතයක්. ඇයගේ උපන්දිනය අද දී තිබෙනවා. අපිත් ඇයට සුබ උපන්දිනක් වේවා කියා හදවතින්ම සුබ පැතුම් එක්කරමු.

ආදරණිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් හරින්ද්‍ර ආදරණිය සටහනක් එක්කර තිබුනේ මෙලෙසින්, කුසුමක් දිලෙන්නෙම සෙනෙහස වැඩි තැනකයි. සුසුමක් නිවෙන්නෙම සෙනෙහස රැදී විටකයි. සසරක් කියන්නෙම මම විදි දුක් ගැහැටයි.නිවනක් කියන්නෙම මට ඔබේ ආදරයයි. සුබම සුබ උපන්දිනයක් වේවා. මගේ සදා නොවෙනස් හෙවනැල්ලට.

Leave a Comment