Gossip

සෙක්ස් එඩියුකේෂන් ගැන මට අම්මා කියලා දීලා තියෙනවා, ඕන තැනක තනියම ගිහින් පරිස්සමට එන්න පුලුවන් මට.

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ ගීතිකා විදියට අපි අතරට ආව ඇය තමයි සුරූපි රංගන ශිල්පිනී ප්‍රවීනා දිසානායක කියන්නේ. හුරුබුහුටි සුන්දර පෙනුමක් තියෙන ප්‍රවීනා නාඩගම්කාරයන්ගෙන් පසුව මියුසික් වීඩියෝ සදහා රංගනයෙන් දායක වෙන්නට හැකියාව ලැබුණා.

ඒ විදියට කලා ගමන ආරම්භ කරපු ප්‍රවීනාගේ ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි සහ ඇය තමයි එකම දුව. ඉතින් ඒ විදියට ගෙදර හුරතලයට හැදෙන ඇගේ වයස අවුරුදු 24ක්. තවම පෙම්වතෙක් නැතත් කෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්න ප්‍රවීනා දෙමාපියන්ගේ කැමැත්තට ඉඩ දීලා ඇයට සුන්දර ආදරයක් හමු වෙනතුරු බලන් ඉන්නේ. කවුරුත් දැන ගන්න ඕන නමුත් සමාජයේ කතා බහට අඩුවෙන් ලක්වන දෙයක් ගැන ඇය මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” සෙක්ස් එඩියුකේෂන් ගැන අපි හැමෝම දැන ගන්න ඕන. විශේෂයෙන්ම ළමයි වුනහම ඒ දේවල් ගැන දැන ගත යුතුයි. මොකද තැනකට ගිහින් තමන්ගේ ආරක්ෂාව සදහා විශේෂයෙන්ම දැන ගන්න ඕන. අපේ අම්මා මට ඒ හැමදේම කියලා දෙනවා. ඉතින් ඒ නිසා මාව මගේ අම්මටයි අප්පච්චිටයි බය නැතුව ඕනම තැනක යවන්න පුලුවන් මොකද මම ආරක්ෂා වෙලා එන්න දන්නවා.”

Leave a Comment