Gossip

සුරංගනාවියක් වගේ ලස්සන බිරිඳ එක්ක මධුමාධව දැන් ගෙවන ලස්සන ජිවිතේ.

මධුමාධව අරවින්ද කියලා කියන්නේ අපේ රටේ සිටින කලාකරුවෙක් වගේම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මිනිස්සුන් අතරට පැමිණි කෙනෙක් ලෙසින් හඳුන්වන්න පුලුවන්. ගායකයෙක්, නලුවෙක්, නිවේදකයෙක් ලෙසින් සහ විටෙක දේශපාලන වේදිකාවේද දකින්නට ලැබුණු කෙනෙක්.

වර්තමානයේ ගත්තම ඔහු ආදරණිය සැමියෙක් ලෙසින් සුන්දර ජිවිතයක් ගත කරනවා. ඔහුගේ බිරිඳ තමයි නිලූ කියන්නේ.

මදුමාධව ඇය වෙනුවෙන් විවිද ආකාරයේ ආදරණීය සටහන් මුහුනුපොත ඔස්සේ එකතු කරනවා. පසුගිය දිනයකත් ඒ වගේ ලස්සන වදනක් පලකරලා තිබුනේ මෙලෙසින්.

ආයුධ අරන් ෂොපින් කරන කාලේ, රට ඇරියම පරිස්සමෙන් රාලේ, සීනි බනිස් වගේ හිටියට අහිංසක, ඇඳුම් ගන්න යන්නේ අරගෙන මේක, පිරිමි තැලෙන හැටි දැක්කද විවාහක.

ආයෙත්නම් බන්දින්නෙම නෑ කිසිමදාක, කොහොම වුනත් මදුමාධව මේක නම් කරලා තිබුනේ පෙම්වතුන්ට අවවාදයක් ලෙසින් සහ සැමියන්ට අනතුරු ඇගවීමක් කියලයි.

බිරිඳ ගැනත් ඔහු ආදරණිය ලෙසින් මෙසේ වදනක් පලකරලා තිබුනා. නුඹ මානුවර නම් මම එහි හන්තානයි, සෝබන නගරයේ නුබ මගෙ සම්බෝලේ.

මම ලමයනම් මගෙ අම්මියි ඉස්කෝලේ, පොලොවෙ පය ගහපු ඔය හිතටයි ආලේ, මේව කියල දා ගත්තා මේකි දැලේ.

Leave a Comment