දුවෙක් කියන්නේ තාත්තගේ මුළු ලෝකයම. තාත්තගේ ජිවිතේ ඉන්න සුවිශේෂීම කෙනෙක් තමයි දියණිය කියන්නේ. දියණියගේ පළමු පෙම්වතා වෙන්නේ ආදරණිය තාත්තා. මෙරට සිටින ජනප්‍රිය ගායකයෙක් තමයි නලින් පෙරේරා කියලා කියන්නේ. නලින් පෙරේරා ගැන හැමෝම වගේ දන්නවා. ඔහු ඉතාමත් නිහතමානී චරිතයක්. හරිම ආදරණිය චරිතයක්. නලින් පෙරේරාට ඉන්නේ දියණියක් සහ පුතෙක්.
දියණිය තමයි ස්වේතා මෙයිලි. ස්වේතා කියන්නේ තාත්තාගේ පන. ස්වේතා තාත්තා වගේම ගායනයට දක්ෂ චරිතයක්. ඇය හරිම සුන්දරයි. ඉතින් ස්වෙතාගේ විවාහ මංගල උත්සවය ඊයේ දිනයේදී ඉතාමත් උත්සවශ්‍රීයෙන් පැවැත්වුනා. කළා තරු රැසක් ඒ අවස්ථාවට සම්බන්ධ වී තිබුනා. ස්වෙතාට අපි හදවතින්ම සුබ මංගලම් කියා සුබ පතනවා.
දියණියගේ විවාහ මංගල්‍ය අවස්ථාවේදී නලින් පෙරේරා සිය දියණිය වෙනුවෙන්ම නිර්මාණය කල ගීතයක්ද ගායනය කළා. සුදු දෝනි ගැන ආදරණිය ගීතයක් ඔහු සකස් කර තිබුනා. ඒ වගේම ඔහු ඒ අවස්ථාවේදී සංවේදී වන අයුරුත් සමාජ මාධ්‍ය තුල දැකගන්න ලැබෙනවා.
Leave a Comment