Gossip

සුපිරි වෙඩිමෙන් පසු ගත් නලින් පෙරේරාගේ දෝනිගේ හෝම් කමින් එක.

මේ දවස්වල අපේ කළා තරු බොහොමයක් සුබ නැකතින් අලුත් ජිවිතයකට සුදානම් වෙනවා, ආදරණිය යුග දිවියට ඔවුන් ආදරයෙන් සුදානම් වෙනවා. මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා ගැන කවුද නොදන්නේ. ඔහු ගායනයෙන් රටම වසගයට ගත ගායකයෙක්. ඔහු ආදරණිය තාත්තා කෙනෙක්. පුතු නිකිල් සහ දුව ස්වේතා තමයි ඔහුගේ ආදරණිය දරුවන් දෙදෙනා.

පසුගියදා දුව ස්වේතා මෙයිලිගේ වෙඩින් එක ඉතා උත්සවශ්‍රීයෙන් පවත්වනු ලැබුවා. ඒ සදහා සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු වගේ කළා තරු රැසක් සම්බන්ධ වී සිටියා. සුදු දෝනිගේ විවාහය වෙනුවෙන් නලින් පෙරේරා ගීතයක් පවා නිර්මාණය කර තිබෙනවා. ඉතින් ස්වෙතාගේ හෝම් කමින් එකත් ඉතාමත් ලස්සනට පවත්වා තිබුනා. ඉන්දියානු විලාසිතාවකින් හැඩවූ ඇය දෙව්දුවක් වගේ සුනදයි. ආදරණිය සැමියාත් ඉතාමත් කඩවසම්. මොවුන්ගේ හෝම් කමින් එකේ සුන්දර චායාරූප මේ දිනවල සමාජ මධ්‍යයේ හුවමාරු වෙනවා. අලුත් යුවලගේ යුග දිවිය සාර්ථක වේවා කියා අප හදවතින් සුබ පැතුම් එක්කරනවා.

Leave a Comment