Gossip

සිංහල සිනමාවේ විකට රජු බන්දු සමරසිංහගේ පුතා උතුම් පිය පදවියට සුදානම්..

අපේ සිංහල සිනමාවේ විකට රජු විදියට හදුන්වන ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් තමයි බන්දු සමරසිංහ කියන්නේ. ප්‍රේක්ෂකයා සිනහ සාගරයේ ගිල්වන්නට දක්ෂකම් දක්වන ජනප්‍රිය රංගන ශිල්පීන් අතරින් ඉහලින්ම සිටින කෙනෙක් තමයි බන්දු සමරසිංහ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියා. ඉතින් ඔහු රංගනය කරපු ජනප්‍රිය චිත්‍රපට ගණනාවක්ම තියෙනවා. ඒ වගේම ඔහු නිවේදකයෙක් විදියටත් ප්‍රේක්ෂකයා හමුවට එනවා.

ඉතින් ඔහුගේ ආදරණීය පුත්‍රයා තමයි කාංචන සමරසිංහ කියන්නේ. කාංචන පසුගිය දා විවාහ වුණා. ඔහුගේ විවාහ මංගල්‍යයට කලා ලොවේ තරු ගොඩක් පායලා තිබුණා. ඉතින් අපිට සුබම සුබ ආරංචියක් මේ පවුලෙන් අහන්නට ලැබුණා. ඒ කාංචන උතුම් පිය පදවිය ලබන්නට සූදානමින් ඉන්න බවයි. ඒ ගැන බන්දුගේ පුත් කාංචන ඔහුගේ මුහුණු පොත හරහාත් සටහනක් පළ කරමින් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට මුදා හැර තිබුණා. ඉතින් මේ දෙපළට සුබම සුබ ප්‍රාර්ථනා අපිත් එක් කරන්නෙමු.

Leave a Comment