Gossip

සාර්ථක පවුල් ජිවිතයකට ඕනි එක දෙයයි. රෝස කුමරිය ත්‍රිකලා ධරණි කියන කතාව

රෝසපාට කියන්නේ කෙල්ලන් වැඩියෙන්ම කැමති පාට. ඒ පාට හරිම ආදරණියයි. ඉතින් රෝස පාටට ආදරය කරන ආදරණිය අය හොදින් දන්නා කෙනෙක් තමයි ත්‍රිකලා ධරණී කියන්නේ. ඇය ගැන ලංකාවේ හැමෝම දන්නවා. ඇය දැන් ලංකාවේ ජනප්‍රියම චරිතයක්. නිරූපන ක්ෂේත්‍රයේ ඉදිරියටම ගිහින් ඇයගේ නම ලෝකයේ බොහෝ දෙනෙක් දන්නා කියන නමක් බවට මේ වෙද්දී පත්වී හමාරයි. ලංකාවේ බොහෝ දෙනෙක් ඇය නොදැන සිටීමට හේතුව ඇය වැඩි වශයෙන් නිරූපනයේ යෙදී සිටියේ විදෙස් රටවලයි.

රෝස පාට රේන්ජ් රෝවර් එකෙන් මුළු ලංකාවම මවිත කරමින් නම්බර් ප්ලේට් එක වෙනුවට ත්‍රිකලා ධරණී නමින්ම වාහනය වෙන් කරගත් ඇය ගැන මුළු ලංකාවේම කතාබහට ලක්වුනා. ලංකාවටම තියෙන්නේ රෝසපාට එකම එක රේන්ජ් රෝවර් එකයි. එය ඇය විසින් ඇය කැමතිම ආකාරයෙන් කැමතිම පාටින් නිර්මාණය කරගත් එකක්. ඉතින් මේ නිසාවෙන්ම ඇය ලංකාවේ හැමතැනම වගේ කතාබහට ලක්වුනා. ඇය ඉතාමත් නිහතමානී. නිරුපිකාවක් උනත් ආඩම්බරයක් ඇය ලග නැහැ. වෙන අයට වගේ සිංහල අමතක වෙන්නෙත් නැහැ. ඇය කතාකරන්නේ පැහැදිලි සිංහලෙන් එනිසා ඇයට හැමෝම කැමතියි.

ඇය අම්මා කෙනෙක්. සුරතල් දියණියක් ඇයට සිටිනවා. ඇය මෙලෙස වාහනයක් ගත්තේ වෙන වෙන දේවල් කරලා කියලා සමහරු කතා හදන්නත් පටන් ගත්තා. නමුත් එය ඇයගේ අපරිමිත කැපවීම් සහ උතසහයන්ව්ල අග්‍ර ප්‍රතිපලයක්. නිරූපන ශිල්පියක්ට ඔච්චර දෙයක් කරන්න පුලුවන්ද කියලා තමයි හැමෝම ඇහුවේ. කාන්තාරවල අවුවේ වෙහෙස වෙලා ෂුට් කරලා ඇය තමන්ගේ වටිනාකම ලබාගත්තා. ඇයගේ හැකියාවට වටිනා ගානක් ඇයට එම රටවල් වලදි ලැබෙන නිසා වෙහෙස මහන්සිය අව්ව ගැන නොසිතා ඇය කැපවී වැඩ කරලා අද සිටින අතනට පැමිණි බවයි ඇය කියන්නේ.

ඉතින් ඇය නිරූපන ක්ෂේත්‍රයට යන්නේ විවාහයෙන් පසු ඒ වගේම දියණිය ලැබුනට පස්සේ තමයි ඇය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඒ කාලයේදී බොහෝ දෙනා සැමියාට කිවුවා යන්න දෙන්න එපා කියලා. ඔයාගේ පවුල කැඩෙයි. අරයාට එහෙම වුනා ගිහින් කියලා එක එක අයගේ නම් කියලා උදාහරණ පවා දුන්නා. ඒත් සැමියා මාව විශ්වාස කරලා මට අවස්ථාව දුන්නා. මම ඒ විශ්වාසය රැක්කා. ඒකයි අද සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන්නේ. සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන්න ඕන එක දෙයයි. ඒ අවංක කම අවංක වෙන්න ඕන. එතකොට ප්‍රශනයක් නැහැ. වරදක් වුනොත් සමාව ගන්න පුළුවන් වෙන්න ඕන. ස්මෝම සර්ව සම්පුර්න නැහැ වැරදි වෙන්න පුළුවන්. ඒ දේ කියලා සමාව ගන්න පුළුවන් වෙන්න ඕන කිසිදෙයක් හංගන්න හොද නෑ. එතකොට ප්‍රශං නැහැ සතුටින් ඉන්න පුළුවන් කියලයි ඇය කියා සිටියේ.

Leave a Comment