Gossip

සාරංග මුල් වරට පියවරුන්ගේ දිනය සැමරූ හැටි.

සාරංග දිසාසේකර කිවුවම් නොදන්නා කෙනෙක් නැති තරම්. ලංකාවේ ලොකු කුඩා සැවොම වගේ ඔහුව හොදින් හදුනනවා. ඔහුට ආදරය කරන බොහෝ පිරිසක් ඉන්නවා. කලා ක්ෂේත්‍රය එක්ක ඔහුට තියෙන්නේ ලොකු හිතවත් කමක් ලොකු බැඳීමක් කියලා කිවුවොත් නිවැරදියි. හැමෝම ඔහුව හදුන්වන්නේ ජනප්‍රිය නළුවෙක් කියලා. ඔහු නළුවෙක් පමණක්ම නොවෙයි. විටෙක ඔහු ගායකයෙක්. තවත් විටෙක ඔහු නිවේදකයෙක්, නර්තන ශිල්පියෙක්.

එකී මෙකි නොකී සෑම අංශයකම දස්කම් දැක්වූ ඔහු මේ වන විට ආදරණිය තාත්තා කෙනෙක්.සිගිති දියණියක් තමයි ඔහුට ඉන්නේ. ඉතින් මෙවර ආදරණිය පියවරුන්ගේ දිනය ඔහුට දුවණිය නිසා සමරන්න අවස්ථාව උදා වුනා. පුංචි දොනියි දිනක්ෂියි එකතුවෙලා පියවරුන්ගේ දිනය වෙනුවෙන් සාරංගව හරිම ලස්සනට පුදුම කලා කිවුවොත් හරි.

Leave a Comment