Gossip

සල්මන් ශාරුක් දැක්කම wow කියනවා මට රවීන් දැක්කම wow කියෙනවා හිමාලි කියයි.

කලා ලෝකයේ පායන තරු ගැන හැමෝම දන්නවා. ඒ තරු නිසා ප්‍රේක්ෂකයා පුදුමාකාර වින්දනයක් ලබනවා කියලා කිවුවොත් හරි. කලා කාරයා කියන්නේ ප්‍රේක්ෂක හදවත් ආකර්ෂණය කරන චරිතයක්. එලෙස කරන්න නොහැකි නම් ඔහු හෝ ඇය දක්ෂ කලාකාරයෙක් වෙන්නේ නැහැ. හොද දැක්මක් හොද හැකියාවක් කලාකාරයෙකුට තියෙනවා. ප්‍රවීන කලාකරුවෙක් බිහිවෙන්නේ ඔවුන් සතු හැකියාවන් නිසාවෙන්මයි. නවක පරපුරේ දක්ෂයින් බොහොමයක් ඉන්නවා. ඔවුන් කලා ලෝකයේ දිගු ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

හිමාලි සයුරංගි කියන්නේ ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්ත චරිතයක්. ඇයරංගනයෙන් උපරිම දක්ෂතා පෙන්වපු කාන්තාවක්. මේ දිනවල දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ උදෙනිගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ ඇය. අනුහස්ගේ අම්මාගේ චරිතයට තමයි ඇය දායක වෙන්නේ. හිමාලි කියන්නේ ප්‍රවිනයක් එක වගේම නවකයන් එක්ක හරි හරියට වැඩ කරන කෙනෙක්. ඒ නිසා ඇයට කලාව ගැන ලොකු දැක්මක් තියෙනවා. ඇය රෑෆෙල්ලා ෆර්නැන්ඩෝ කැලැන්ඩර් එළිදැක්වීම ගිහින් ජනප්‍රිය නළු රවීන් කනිෂ්කගේ චායාරූපයකට අපූරු කොමෙන්ට් එකක් දුන්නා.

ඒ තමයි අපි ශාරුක් ඛාන් ,අමීර් ඛාන් , සල්මන් ඛාන් කිවුවම අම්මෝ wow කියනවා. මටනම් මේක දැක්කම wow කියලා හිතෙනවා. රවීන් ඛාන් තමයි මේ. රවීන් එයාටම වෙන් වෙච්ච රංගන ශෛලියක්, image එකක් හදාගෙන තියෙනවා. ඔහු දක්ෂයෙක්. ඔහුගෙන කලාවට ලොකු වැඩක් ගන්න පුළුවන් කියලා ඇය එහිදී මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියා. මේ අදහසට ප්‍රේක්ෂකයින් පවා ප්‍රතිචාර දක්වා තිබුනා.

දෙවැනි ඉනිමේ හිමාලිගේ ඒ කියන්නේ උදෙනිගේ පුතා අනුහස් ලෙස රගපන්නෙත් රවීන්. ඉතින් දෙරණ ඩ්‍රීම් ස්ටාර් හරහා දක්ෂ ගායකයෙක් ලෙස හැමෝම හදුනාගත් ඔහු දෙවැනි ඉනිම තුලින් නළුවෙක් බවට පත්කරනවා. දැන් ඔහු ජනප්‍රිය නළුවෙක්, ගායකයෙක් සහ නිවේදකයෙක් වනවා. ඔහුගේ අලුත් නිර්මාණ කිහිපයක්ද දැකගන්න ලැබුනා. කඩවසම් තරුණයෙක් වෙන රවින්ගේ සියලු වැඩ කටයුතු සුබ වේවා කියා අප ප්‍රර්ථනා කරනවා.

Leave a Comment