සමිතා මුදුන්කොටුව ගැන නොදන්නා අය නම් ලංකාවේ නැති තරම්. ගායනය සම්බන්ධයෙන් රසිකාවියන්ගේ නිබද ආදරයට පාත්‍රවූ චරිතයක් තමයි සමිතා කියලා කියන්නේ. සමිතාගේ ගීත අසන්න හැමෝම කැමතියි. ඒ කටහඩ බාවනාවක් කියලා කිවුවොත් හරියටම හරි. අතුල සමිතා සුසංයෝගය ලංකාවේ ගායන ක්ෂේත්‍රයේ සදා නොමැකෙන මතකයක් බවට පත්වෙනු නොඅනුමානයි. අදටත් ඔවුන් දෙදෙනාගේ ගීත අසන්න රසික රසිකාවියන් ඉතාමත් කැමතියි.
සමිතාගේ දුව කවී කියන්නෙත් ගායනයෙන් දස්කම් දක්වන යොවුන් ගායිකාවක්. ගායනය වගේම නර්තනය නිවේදනය ඒ වගේම රංගනයටත් ඇය දස්කම් දක්වනවා. ඇය සිනමාවේ රංගනයට දායකවී සම්මානයට පවා පාත්රවුනා. සමිතාගේ පුතා ගායනයට සම්බන්ධ වෙන්නේ නම් නැහැ. සමිතාගේ දරුවෝ දෙන්නා එයාගේ ජිවිතේ ගොඩක් ලස්සන කරනවා.
ඒ වගේම සමිතාගේ වර්තමාන සැමියා චිරන්ත ගැනත් හැමෝම දන්නවා. ඔහු කඩවසම් තරුණයෙක්. සමිතාට බොහෝ සේ ආදරය කරන සැමියෙක්. සමිතා වගේම කවිට ශේන්ටත් එලෙසින්ම ඔහු ආදරය බෙදනවා. සැමියා එක්ක ඉතාමත් සතුටින් සමිතා ජීවිතය ගත කරනවා. දරුවන් සහ සැමියා සමගින් ඇය සතුටින් ආදරයෙන් කාලය ගතකරවා. ඇය පසුගිය දිනවල පවුලේ අය සමගින් කතරගම ගොසින් පින්වත් කටයුතු කිහිපයකම නිරතවී තිබුනා. මේ පුංචි කැදැල්ලේ ආදරය සතුට හැමදාමත් රැදේවා සියලු සිතුම් පැතුම් ඉටුවේවා කියා හදවතින්ම සුබ පැතුම් එක්කරනවා.
Leave a Comment