Gossip

සමිතාගේ උපන්දිනයට ආදරණිය සැමියා චිරන්ත එක්කල ආදරණිය සුබ පැතුම.

සමිතා මුදුන්කොටුව කියන්නේ මුළු ලංකාවම දන්නා හදුනන ආදරණිය ගායිකාවක්. ඇය ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ඇයට ආදරය කරන දෙස් විදෙස් රසිකයින් රැසක් සිටිනවා. ඉතාමත් ලයාන්විත මිහිරි හඩක් ඇයට තිබෙනවා. ඒ හඩ වගේම සමිතා කියන්නේත්හ් තවමත් හරිම්ම සුන්දර යුවතියක් කියලා කිවුවාට වරදක් නැත. ඇයත් දවසින් දවස ලස්සන වෙනවා. ඇයගේ හඩට බොහෝ දෙනෙකු ආදරය කරනවා. සමිතා අතුල සමගින් බොහෝ කාලයකට පසු කරපු ගීතය මේ වෙද්දී රසිකයන් ආදරයෙන් වැලද ගෙන තිබෙනවා.

සමිතා කියන්නේ ආදරණිය අම්මා කෙනෙක්. ඇයට දියණියක සහ පුතෙකු සිටින බව හැමෝම දන්නා කරුණක්. පුතා ෂේන් ඔහු නම් ගායනය පැත්තට ලොකු නැබුරුවක් නැහැ. ඔහු ක්‍රිකට් පැත්තට තමයි දස්කම් දක්වන්නේ. ඒ වගේම දුව කවින්ද්‍යා කියන්නෙත් මුළු ලංකාවම දන්නා චරිතයක්. අම්මා වගේම ඉතාමත් දක්ෂ ඉතාමත් මිහිරි හඩක් තියෙන තාරුණ්‍යයේ ආදරය දිනාගත් ගායිකාවක්, නිවේදිකාවක් සහ රංගන ශිල්පිනියක් වනවා ඇය.

අතුලගෙන් වෙන්වෙලා කාලයක්ම දරු දෙදෙනා එක්ව තනියෙන් ගත කල සමිතාට නැවතත් ආදරයක් ලැබෙනවා. ඒ චිරන්තාගෙන්. මේ ආදරය නිසාම සමිතා දැන් කාලය ගත කරන්නේ ඉතාමත් සතුටින් සැහැල්ලුවෙන්. සමිතාගේ ආදරණිය සැමියා සමිතා වගේම ෂේන් සහ කවිටත් ලොකු සහයෝගයක් දෙනවා කියල තමයි කාවින්ද්‍යා කියන්නේ. ඉතින් සැමියා එක්ක සුන්දර ලස්සන ජිවිතයක් ඇය ගත කරනවා.

අද ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුවගේ උපන්දිනය. අපත් මුළු හදවතින්ම ඇයට නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා කියා අප සුබ පැතුම් එක්කරනවා. ආදරණිය බිරිඳ සමිතාගේ උපන්දිනයට චිරන්ත ආදරණිය සුබ පැතුමක් එක්කර තිබුනේ මෙලෙසින්, happy birthday මගේ පන. මම හැමවෙලේම ප්‍රර්ථනා කරන්නේ ඔයා හැම අත්මෙකම මගේ වෙන්න කියලා ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොදම බිරිඳ. ආදරෙයි ඔයාට මගේ ලස්සන පන.

Leave a Comment