Gossip

සජිත ඇන්තනි පුංචි පුතා එක්ක රුවන්වැලි සෑය වන්දනා කල හැටි.

සජිත අනුත්තර ඇන්තනි කියලා කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියම නළුවෙක්. ඔහු ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ජැක්සන් ඇන්තනි නම්වූ ඒ ප්‍රවීන කලාකරුවාගේ බාල පුතු පවුලේ බඩ පිස්සා ලෙස තමයි ඔහු මෙලොව එලිය දකින්නේ. දැන් ඔහුත් ආදරණිය තාත්තා කෙනෙක්. පුංචි පුතෙකු ඔහුට සිටිනවා. මේ දිනවල ජැක්සන් ඇන්තනි කලාකරුවා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනු ලබනවා. ඒ සිදුවූ අනතුරක් නිසාවෙන්. ඔහු අසාධ්‍ය තත්වයේ සිට මේ වන විට සුවය ලබමින් සිටිනවා.

ආදරණිය තාත්තාට සෙත්පතා සජිත අලුත උපන් පුංචි පුතා සහ බිරිඳ බුවී එක්ක රුවන්වැලි මහා සෑය වන්දනා කරමින් පියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න ගොස් තිබුනා. ඉතින් ජැක්සන් ඇන්තනි කලාකරුවාට අපි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.

Leave a Comment