Gossip

සංගීත්ට තරම් මේ ලෝකෙ ප්‍රශ්න ආපු මනුස්සයෙක් තවත් නෑ. අපි කලබල වුණේ නෑ relationship එකකට යන්න – දිනිති වල්ගමගේ

මේ දවස්වල කා අතරත් කතා බහට ලක්වන ආදරණීය රංගන ශිල්පිනියක් තමයි දිනිති වල්ගමගේ කියලා කියන්නේ. වෘත්තීමය වශයෙන් ගුවන් සේවිකාවක් වන ඇය ඒත් එක්කම සිය රංගන කටයුතුත් නිසි කළමනාකරණයකින් යුතුව කරගෙන යමින් සිටිනවා. ටෙලි නිර්මාණ ඔස්සේ මෙන්ම සිනමා නිර්මාණ ඔස්සේත් කරළියට පැමිණෙන ඇය කටකාර හැඩකාර යුවතියක් වෙනවා. ඉතින් ඔබ අපි කවුරුත් දන්නවා ඇය මේ වන විට කලා ක්ෂේත්‍රයෙ සිටින කඩවසම් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සංගීත් සතරසිංහ සමඟ පෙම් සම්බන්ධතාවක් ඇති කරගෙන තමයි ඉන්නේ.

පසුගිය දිනකදී ඔවුන් දෙදෙනා එක්ව අලංකාර photo shoot එකක් ද අරගෙන තිබුණා. ඒ වගේම තමයි දිනිති වල්ගමගේ සංගීත්ගේ පවුලේ උදවිය සමග ඉතාමත්ම ආදරයෙන් තමයි සිටින්නේ. එය අපට සංගීත් සතරසිංහගේ සංගීත් vlog youtube චැනලය ඔස්සේ දමන වීඩියෝස් හරහා දැක බලාගන්න පුළුවන් වනවා. ඉතින් පසුගිය දිනකදී දිනිති වල්ගමගේ එක්තරා සාකච්ඡාවකට සහභාගී වූ අතර එහිදී ඇය දැක්වූ අදහස් පිළිබඳව අපගේ අවධානය යොමු වුණා. ඇය සංගිත් පිළිබඳව සඳහන් කරලා තිබුනෙ මේ වගේ දෙයක්.

“අපි ජීවිතේ ගොඩක් හැලහැප්පීම් වලට ලක්වුණා. සංගීත්ගෙ මම දකින ගොඩක් දේවල් තියෙනවා. මෙයාට තරම් මේ ලෝකෙ ප්‍රශ්න ආපු මනුස්සයෙක් තවත් නෑ. ඒ ප්‍රශ්න මට ආව නම් මට ඩිප්‍රෙශන් හැදිලා ලෙඩෙක් වෙනවා. මට ප්‍රශ්නයක් ආවත් මම හිතන්නෙ මේ මොන ප්‍රශ්නද, මෙයාට ආපු ප්‍රශ්නත් එක්ක බලද්දි කියල. මෙයාගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. මෙයාමයි මට කිව්වෙ කාලය ගොඩක් දේවල් උගන්නවා කියලා. මිනිස්සුන්ගේ හිත් පවා වෙනස් වෙනවා කාලයත් එක්ක. අපි දෙන්නා ගොඩක් කල් ඉවසලා ඉවසලා relationship එකකට ආපු දෙන්නෙක්. අපි කලබල වුණේ නෑ relationship එකකට යන්න. මොකද මුලින් යාලුවෝ වෙලා අඳුනගන්න එපැයි “

ඉතින් මේ විදියට අදහස් දක්වන ඔවුන්ගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

Leave a Comment