Gossip

ෂනුගේ උපන්දිනයට පෙම්වතා දිනේෂ් එක්කල සුබ පැතුම.

ෂනුද්‍රි ප්‍රියසාද් කිවුවම නොදන්නා තරම්. ලංකාවේ ප්‍රේක්ෂකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍රවෙච්ච කෙනෙක්. කළා පවුලකින් පැවත එන කෙලි පැටික්කියක් නිසාම ඇය ක්ෂේත්‍රය තුල අතිශය ජනප්‍රියයි. ප්‍රියසාද් පවුලේ බඩ පිස්සිය බාල දියණිය ලෙසින් දඟකාරකම් කටකාරකම් අඩුවක් නැතිවම ඇයට තියෙනවා. නිතරම සිනහවෙන් සැවොම එක්ක සුහදව කටයුතු කරන්නන ඇය කැමතියි. අද ශනුට සුවිශේෂී දවසක්. ඒ ඇයගේ උපන්දිනය නිසා. මුලින්ම අපිත් ඇයට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු.

ශනුගේ පෙම්වතා කියලා හැමෝම හදුන්වනේ. ජනප්‍රිය තරුණ ගායකයෙක් වන දිනේෂ් ගමගේ. ඉතින් ශනුගේ උපන්දිනය වෙනුවෙන් දිනේෂ් සිය ඉන්ස්ටර් ග්‍රෑම් ගිණුමේ ආදරණිය සුබ පැතුමක් එක්කර තිබුනා. හැපී බර්ත්ඩේ තංගම් කියලා. සුබ උපන්දිනක් රත්තරං කියලා. මේ විදියට නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න කියලා ඔහු සුබ පැතුම් එක්කරලා තිබුනා.

ඉතින් කලාතරු රැසකගේම වගෙත් ප්‍රේක්ෂකයින්ගේත් ආදරණිය සුබ පැතුම් ගොන්නක් මැද ඇය මෙලෙස උපන්දිනය සමරනු ලබනවා. ඉතින් ඇයගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක්කරමු.

Leave a Comment