Gossip

ශිහාන්ගෙන් පසු රියැලිටි වේදිකාවෙන් බිහිවූ ජනප්‍රියම තරුව මනේජ්ගේ සොදුරු ජිවිතේ.

රියැලිටි කියන්නේ දක්ෂයින්ට හොද අවස්ථාවන් සපයාදෙන තෝතැන්නක්. ලංකාවේ රියලිටි තරඟ බොහෝ ප්‍රමාණයක් එදා මෙදා තුර පවතිනවා. ඒවායින් දක්ෂයින් රැසක් මේ වෙද්දී ලංකාවට බිහිවී තිබෙනවා. ඔවුන් බොහොමයක් ලංකාවේ වගේම ජාත්‍යන්තරයේද අවධානය දිනාගන්න සමත්ව තිබෙනවා. දක්ෂයින්ට තැනක් ලැබෙන හොද තෝතැන්නක් තමයි මේ වේදිකාවන්. එහෙම වේදිකාවලින් බිහිවුන නමුත් කිරුල ලබාගන්නට නොහැකිවුනත් කිරුළේ හිමිකරුවන්ටත් වඩා ජනප්‍රිය වුන ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත තරු ඕනා තරම් සිටිනවා.

එවැනි තරුවක් තමයි ශිහාන් මිහිරංග කියන්නේ. ඔහු ජනතාවගේ ගායකයා. ඔහුට ලොකු කුඩා සැවොම ආදරය කරනවා. ඔහු කිරුළට හිමිකම් නොකීවත් අද ඔහු කිරුළේ හිමිකරුවන්ටත් වඩා දක්ෂ ජනප්‍රිය තරුවක්. ඔහුගේ නිතමනිකම වගේම ඔහු ගැන මුළු ලංකාවම ආදරයෙන් කතා කරනවා කියන එක මුළු ලංකාවම දන්නවා. ඔහු වගේම තවත් තරුවක් බිහිවුණා. ඒ හිරු ස්ටාර් වේදිකාවෙන්. ඔහු තමයි මනේජ් සංජය.ඔහු හිරු ස්ටාර් කිරුල ලබාගත්තේ නැහැ. නමුත් හිරු ස්ටාර් වලින් මෙතෙක් බිහිවූ ජනප්‍රියම තරුව කවුද කියලා ඇහුවොත් මනේජ් කියන නම අවිවාදයකින් තොරව හැමෝම කියනවා.

අද වෙද්දී ඔහුගේ ගීත ප්‍රේක්ෂකයා ආදරයෙන් වැළදගෙන සිටිනවා. විශේහ්ස්යෙන්ම පොඩි අය පවා. ඔහුගේ ගීත හරිම ආදරනියයි. රැල්ල වෙරළට ආදරෙයි ඔහු ගායන කරන ගීතය මේ වෙද්දී ලංකාවේ ජනප්‍රිය ගීත අතරේ තිබෙන ගීතයක්. ඔහු ඉතාමත් නිහතමානී ගායකයෙක් ඒ නිහතමානී බව ඔහුගේ ගමනට ආබරණයක්. ඒනිහතමානී බවට ආදරණිය සුහදශීලි බවට ප්‍රේක්ෂකයින් පෙරලා ඔහුට ආදරය කරනවා. වෙඩින් වල මේ දිනවල වැඩි වශයෙන්ම ගීත ගායනා කරන්න ආරාධනා ලැබෙන ගායකයෙක් තමයි ඔහු.

මැනේජ් කියන්නේ කණ්ඩායම් සංගීතයෙන් බිහිවූ දක්ෂයෙක් ඔහු ෂයිනි බෑන්ඩ් එකත් එක්ක ලොකු ගමනක් යන දක්ෂයෙක්. ඔහු මෑතකදී නත්තල් වැඩසටහනකට සම්බන්ධ වෙමින් පසුවසටහනක් එක්කා තිබුනේ. අවුරුදු 10දී ගමේදී ෆ්ලෑෂ් බැක් වේදිකාවට නැගලා ඉරෙන් හදෙන් සින්දුව කියලා බැහැලා යද්දී එදා රොෂාන් අයියා මාව ස්ටේජ් එකට අරගෙන කදහරි දවසක ලංකාවේ දක්ෂ ගායකයෙක් වේවි කියලා කවුවා. සුදුපාට පුංචි ඇනලොප් එකක දාහේ කොළ දෙකකුත් දාලා මගේ අතේ තිබ්බා රොෂාන් අයියා. අද වගේ එක මතකයි. අවුරුදු 19කට පස්සේ හිරු නත්තල් වැඩ සටහනේදී ෆ්ලෑෂ් බැක් එක්ක එකට එක වේදිකාවේ ගීත ගයන්න අවස්ථාව් උදාවුනා කියලා ඔහු කියා තිබුනේ. ඒ ඔහුගේ නිහතමානී කම ඔහු දැන් විවාහකයි ආදරණිය සුන්දර බිරිඳක් ඔහුට සිටිනවා. ඇය අයෝමි ශාරදා. මැනේජ් පසුඅපස සිට ඔහුගේ දුක සැප බෙදාගන්නා ආදරණිය හිතවතිය ඇය. ඉතින් මේ වෙද්දී දෙදෙනාම් ඓතමත් ආදරණිය සුනඩර් ජිවිතයක් ගත කරනවා. ඉතින් ඉදිරි සියලු වැඩ කටයුතු සුබ වේවා කියා අප හදවතින්ම ඔහුට සුබ පැතුම් එක්කරනවා.

Leave a Comment